Showing posts with label Needy Readers. Show all posts
Showing posts with label Needy Readers. Show all posts

Monday, June 13, 2016

මේ ජිවිතයේ දී එක පාරක් පාරක් හරි නිමෙන්නට ඔන්න මෙන්න තියෙන කුප්පි ලාම්පු එළියකින් ස්කොලේ පොත් පාඩම් කරන්න ඔයාට සිදු වෙලා තියෙනවා ද ? ගෙදරට ලයිට් ගන්න සල්ලි නැතිව හිටපු කාලෙක ගෙදර තිබුණු අන්තිම භූමිතෙල් ටිකත් ඉවර වෙලා තියෙද්දී පාරේ අයිනේ ලයිට් කණුවක් යටට ගිහින් ලග එන විභාගේට පාඩම් කරන ජිවිත ගැන ඔබ දන්නවා ද ?
පිසා හට්,ගෝ නට්, බර්ගර් කින්ග් කියන වචන හීනෙකින්වත් අහලා නැති උදේට වතුර ටිකක් බිලා ස්කොලේ ගිහින් දවල්ට ගෙදර ඇවිත් වත්තේ වැවෙන බතල අල දෙක තුනක් තම්බගෙන පොල් චුට්ටක් ගාගෙන කුස පුරෝගන්න දරුවෝ ගැන ඔබ අහලා තියෙනවාද.. බත් ටිකක් උයාලා සම්බෝලයක් හදලා දරුවන්ට කන්න දෙන්නවත් ඒ දුප්පත් අම්මලට වත්කමක් නැහැ.. වත්තේ වැවෙන බතල අල ටිකයි අහල පහල වත්තකින් අහුලා ගන්න පොල් ගෙඩියයි නැති වුනොත් එයාලට වෙන්නේ බඩගින්නේ මැරෙන්න කියලා ඒ අම්මාලා කදුළු පිරුණු දෑසින් හුල්ලනවා ඔබ අහලා තියෙනවා ද ?
ඔබ අහලා ඇති, දැකලත් ඇති, කියවලත් ඇති, හැබැයි ඒ ගොඩක් වෙලාවට සුරංගනා කතා පොත් වගේ නවකතා වලින්, ඒත් විශ්වාස කරන්න.. ඒ වගේ ජිවිත මේ පුංචි ලංකාවේ දුෂ්කර ගම්මාන වල තවමත් හුස්ම ගන්නවා..
කහට පැල්ලම් වලින් කහ ගැහුණු සුදු ගවුමත් ඇදගෙන සුදු සපත්තු දෙකක් ගන්න සල්ලි නැති හින්දා කැඩුණු සෙරෙප්පු පටියට හර්න්ල් කට්ටක් ගහලා සෙරෙප්පුවට අමුණගෙන ඒ දරුවෝ හිමිහිට ස්කොලේ යනවා.. ඒ රට රාජ්‍ය වල ගිහින් ඉගෙන ගන්න හිතාගෙන නෙවේ.. බඩගින්නක් නැති දුප්පත්කමක් නැති හෙටක් වෙනුවෙන් ඉගෙන ගන්න ඕනි හින්දා.. එහෙම ස්කොලේ ගිහින් ඉගෙන ගත්තේ නැතිනම් ඔවුන්ට වෙන්නේ පාරේ හිගා කන්න කියලා ඒ දරුවෝ දන්නවා..
ඇති මිනිහාට ඉස්මුරුත්තාවට දෙන දෙවියොත් මොකක්දෝ ආරෝවකට ඒ දුප්පත් ජිවිත වලට අසරණකම මදි නොකියන්න දීලා තියෙනවා.. ඒ හින්දාම දවසේ පඩියට කුලී වැඩක් කරලා හම්බ කරගන්න සොච්චම් මුදල ගෙදර පොඩි එකෙක්ට පොතක් ගන්න නෙවේ ගෙදරට රෑට රොටියක් පුච්චන්න පාන් පිටි ටිකක් ගන්නවත් මදි.. හැබැයි ඉතින් එහෙම මදියි කියලා උද්ඝෝෂණ කරන්න ගියොත් ඒ අම්මලාට වෙන්නේ පස්සට වැදෙන පයින් පාරත් එක්ක කබලෙන් ලිපට වැටෙන්න.. එහෙම නැතිනම් වත්තේ ලොකු මහත්තයාගේන් පුංචි එකාගේ ස්කොලේට ඕනි පොත් ටික ගන්න රුපියක් සියක් ඉල්ලුවත් උන්නැහේ බෙරිහන් දෙන්නේ දුප්පතුන්ගේ දරුවෝ ඉගෙන ගෙන සිටුවරු වෙන්න ද කියලා.. දුප්පත්කමට අසරණකමට කරකියා ගන්න දෙයක් නැති උනාම ඇස් වලින් එලියට පනින්න දගලන කදුළු බින්දු එක්ක හෙමිහිට ගෙදරට ගාටන ඒ අම්මලා තාත්තාලා කාටත් නොපෙනෙන්න වත්ත පහලට ගිහින් ඉකි ගසා හඩා වැටුණු වාර අනත්තයි.
ඔවුන්ට තිබුණු අන්තිම බලාපොරොත්තුවත් හිදිලා ගියාම ස්කොලේ යන්න පොත් ටික ගන්න සල්ලි නැති උනාම ඒ දරුවෝ අම්මලා තත්තාලා දුක් විදිනවා බලන්න බැරි කමට ගාමන්ට් එකට කොහු මෝලට ගල් වලට හේනට වැඩට යන්නේ කැමත්තෙකින් නෙවෙයි. ඉගෙන ගන්න තියා ගෙදර අයගේ බඩ පුරවා ගන්නවත් සල්ලි නැති හින්දා..
හැබැයි එයාලට උදව් කරන්න කෙනෙක් උන්නා නම් ?? එයාලට පොත් පෑන් ටික අරන් දීලා ඉගෙන ගන්න දිරිගන්වන්න කෙනෙක් උන්නා නම් ?? එහෙනම් ඒ ජිවිත ගොඩක් වෙනස් වේවි නේද ? හැම පැත්තෙන්ම බැට කාලා තැලිලා පොඩි වුන ඒ අහිංසක දරුවන්ට එක ඉහටත් උඩින්.. සමහර විට ඔබ ඒ පුංචි ජිවිත වලට උදව් කරන්න තීරණය කරොත් ඒ ආදරය, ඒ පරිත්‍යාගය ඒ පුංචි සිත් වලට මුළු ජිවිතයම වේවි.
විශ්වාස කරන්න.. ඔබ ඒ දරුවන් වෙනුවෙන් වැය කරන පුංචි මුදලකින් සුළු මොහොතකින් ඒ දරුවන්ගේ මුළු ජිවිතයක්ම වෙනස් කරන්න පුළුවන්. සමහර විට හේන් කුඹුරු අස්සේ වේලිලා පස් අස්සේ හැංගිලා යන්න ගිය ජිවිතයක් ඔබ කරන උදව් උපකාර නිසාවෙන් මතු දිනක ජීවිතය ඉතා සාර්ථක කරගත්තු දරුවෙකු ලෙසින් ඔබ හොයාගෙන ඇවිත් ස්තුතියි කරාවි..
හිතන්න, නිෂ්පල දේවල් වලට ඔබ වියදම් කරලා ලබන සතුටට වැඩිය ඒ වගේ පුංචි ජිවිතයකට උදව් කරලා ලබන ආත්ම තෘප්තිය, ඒ සතුට සදාකාලිකයි නේද ?
අපි කවුරුත් මේ ලෝකේ සදාකාලිකව ජිවත් වෙන්න ආව මිනිසුන් නොවන බව ඔයයි මමයි දෙන්නම දන්නවා. ඉතින් කවදා හරි ජිවිතයේ සෑදෑ සමය ගෙවන කාලෙකදී අපිට ඉතුරු වෙන්නේ අපි ජිවිතේ හරි හම්බ කරපු වස්තුව දේපල නෙවෙයි.. මැරෙන මොහොතේදී වුනත් සතුටින් මේ ලෝකේ දාලා යන්න අපිට උදව් වෙන්නේ අපි මේ ලෝකේට සේවයක් කරා නේද දුප්පත් ජිවිතයකට ආලෝකමත් වෙන්න උදව් කරා නේද කියන ඒ සතුට.. එය ඔබත් මාත් දන්නා කවදා හරි අත්දකින සත්‍යයක්..
හැබැයි මේ කොයි දේ කරන්නත් අපි හැමදාම හිත හිත ඉදලා හරියන්නේ නැහැ.. ඉතින් ඒ නිසාමයි IMCD ( http://www.imcds.org/ ) අපි දුප්පත් දරුවන්ගේ ජිවිත එලිය කරන්නට මුල් පියවර තැබුවේ. ඒ මිට අවුරුදු අවුරුදු 4කට කලින් 2012 මාර්තු මාසේ දී. උසස් අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් පිරිසක් එකතු වෙලා අපි IMCD නිර්මාණය කරේ අධ්‍යාපනය ලබන දරුවන් වශයෙන් අපිට ඔවුන්ගේ හදගැස්ම තේරුම් ගිය හින්දායි. එදා ඉදන් ගෙවී ගිය අවුරුදු 4ක ගමනේ දී අපි ලක්ෂයකට අධික පාසල් සංඛ්‍යාවකටත් දුප්පත් අසරණ දරුවෝ විශාල පිරිසකගේත් ජිවිත එලිය කරේ ඔබේ සහයෝගයත් සමගිනි. ඒ ගැන අපට ඇත්තේ නිර්ලෝභී ඔබ කෙරෙහි වූ ස්තුතිපුර්වක හැගීමක් සහ ඔබ පිළිබද වූ විසල් ආඩම්බරයක්. සැබවින්ම මේ සියල්ලෙන්ම අප හට දායාදව ඇත්තේ විසල් ආත්ම තෘප්තියත්. එය ඔබ නිසාවෙන් අප ලැබූ විශාලම දයාදයි.
ඉතින් ඔබටත් පුළුවනි තව තවත් ජිවිත එලිය කරන්නට අප හා එක් වන්න. ඉතින් අපිට කතා කරන්න,, පුංචි දරුවෙකුගේ ජීවිතය ගොඩ නගන්න ඔබට පාර කියා දෙන්න අප සුදානම්. අප හෙට දවසේ පුදින්නට බලා හිදින මල් කැකුළු නියෝජනය කරමින් ඔවුන්ට සවියක් වන්නට ඔබට ඇරයුම් කරමු.
ඉතින්, එන්න, අසරණ දුප්පත් දරුවන්ට ජිවිත ගොඩ නගා ගන්නට පියවර තනන්නට.. අපි ඔවුන්ට නිවී නිවී දැල්වෙන ලාම්පු දැල්ලක් නොවෙයි.. සෞම්‍ය සද එළියක් වෙමු.. නිදහසේ සිත පුරා ඉතුරුණු සතුටින් හෙට ලෝකය දින්නන්ට ඔවුන්ට ශක්තියක් වෙමු. මේ ජීවිතයේ අරුත ඇත්තේ, හුස්ම වැටෙන්නේ එතනයි.
අපේ මිලග නැවතුම : https://www.facebook.com/events/1325757014108335/



  • Left
  • Centre
  • Right
Remove
click to add a caption

http://takas.lk/tag/product/list/tagId/119/?dir=asc&mode=grid&order=name
  • Left
  • Centre
  • Right
Remove
http://goo.gl/forms/8o1Ll8zu2k


IMCD අපි ගැන විස්තර දැන ගන්න
* http://imcds.blogspot.com/
* http://www.imcds.org/
* https://www.facebook.com/profile.php?id=111755202307509
ඉතින් ඒ දරුවෝ වෙනුවෙන් අපිට කතා කරන්න..
මරිනෝ - (077) 900 6742
නෙත්මිණි - (077) 123 4891
ක්‍රිෂාන් - (0 77) 824 9689
ඉෂාරා - (071) 886 7860
අශාන් - 077 459 2275




සටහන : අරුණි කළුපහන

Saturday, November 1, 2014


මේ ගෙවෙන්නේ සාහිත්‍ය මාසයයි.. සාහිත්‍ය මාසය කෙමෙන් කෙමෙන් ගෙවී යන විට කියවීමේ මාසයත් හෙමි හෙමින් ලගා වන බව කවුරුත් දන්නා  නොරහසකි. පොතක් කියවීම තුලින් මිනිසා පරිපුර්ණත්වයට පත් වේ යැයි කියමනක් ද අප අතර තිබේ. ඒ කෙසේ නමුදු පොතක් යනු සැබෑ ලෝකයේ දුෂ්කරතා වලින් මොහොතකට අප ඈත් කර සිත් සනසා ලන සුවයක් දෙන අරුම පුදුම මාධ්‍යයකි.

මොහොතකට හෝ සිත මදක් හෝ නිවාගෙන සොදුරු ලෝකයක සරන්නට කව්රුන් ද අකමැති??

නමුත් පොතක් ඇසුරු කරන්නට තබා පොතක සුවද විදින්නටවත් හැකියාවක් නැති දරිද්‍රතාවයේ අදුරුම පතුලක  එදා වේල වත් හරියකට නොලැබෙන අසරණ පුංචි ජිවිත රැසක් හුස්ම ගන්නා බැව් කිව යුතුය.. ඒ කොළඹින් බෝ දුර  දුෂ්කර යැයි සම්මත ලෝකයක ය.

එවන් අසරණ දරුවන් හොයා ඔවුනට නිබදව සහය වන සමාජ සංවර්ධනය සදහා වූ අන්තර්ජාතික සංවිධානය ( IMCD ) දුෂ්කරතා සහිත දරුවන්ට අවශ්‍ය පුස්තකාල පොත් සේම අධ්‍යාපනික උපකරණ අධ්‍යාපන ශිෂ්‍යත්ව ද ලබා දෙමින් ඔවුන්ගේ ජිවිත වලට ආලෝකයක් ලබා දෙන්නට වෙහෙසෙන වැඩසටනකි.

Needy Readers ව්‍යාපෘතිය යනු දුෂ්කර පළාත් වල සිටින අඩු පහසුකම් සහිත දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනයටත් කියවීමට ඉතා ආසාවෙන් සිටින මුත් පොත් නැති දරුවන්ටත් සහය වන ඔවුන්ට අවැසි පොත් ලබා ව්‍යාපෘතියකි.

මේ වන විට ඔවුන් පොත් 3
4,100කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා තලය පුරාම විහිදුනු 69කට අධික ස්ථාන රැසක් කරා යොමු කර තිබීම විශේෂත්වයකි. ඒම ස්ථාන අතර පාසල් , ළමා නිවාස  සේම හමුදා කදවුරු සිර කදවුරු තිබීම ද සදහන් කල යුත්තකි.
 

උනන්දුවත් හොද දක්ෂතවයකුත් තිබෙන දරුවකුගේ/ දැරියකුගේ අනාගතය තමන්ගේ පාසලේ හෝ තමාගේ නිවසේ තිබෙන පහසුකම් අඩු බව නිසා අකාලයේ මියැදෙනවා කියනනේ ඉතා විශාල පාඩුවක් හා දුකක්. එවන් දරුවන්ට ඔවුන්ගේ සිහින කරා ගමන් කරන්නට පුංචි හෝ උදවුවක් කරන්නම් පුළුවන් නම් එය ඉතා මහගු සත්කාරයක්. ඒ නිසාමයි අපි මේ විදියට IMCD සංවිධානය ආරම්භ කලේ.. එහි තවත් එක පියවරක් තමා Needy Readers ව්‍යාපෘතිය.

එසේම කියවීමට හුරු වීම තුලින් පුංචි දරුවන්ට විශාල  මග පෙන්වීමක් ලැබෙනවා ඔවුන්ගේ අනාගත ජිවිතය සාර්ථකව හැඩ ගස්වා ගැනීම උදෙසා.. එත් බොහෝ වෙලාවට දුෂ්කර පලාතක දරුවෙක්ට කියවීමට පොතක් මිල දී ගන්නටවත් වත් කමක් නැහැ.. ඉතින් ඒ නිසාම ඔවුන්ට අවශ්‍ය පොත් පත් ලබා දී සහය විමයි අපේ අරමුණ..

ඔබ ගාව කියවලා අවසන් වුනු ඔබට අවශ්‍ය නැති පොත් , ඔබ ලග වැඩි පුර ඇති පොත් හෝ මේ දරුවන් වෙනුවෙන් සිහිවටන විදියට අලුත් පොත් කිහිපයක් හෝ ලබා දෙන්න පුළුවන් නම්  එය ඔවුන්ට විශාල ශක්තියක්.. “
  IMCD සංවිධානයේ සභාපති උපුල් සේනානායක ඒ විදියට කිවේ ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින්.

සැබෑවටම ඔවුන් කරනා ඒ කටයුත්ත අගේ කල යුතුයි.. ඉතින් එන්න අපිත් අපිට ඇති හැකි අයුරින් දසත විහිදී සිටින පුංචි දරුවන්ට අපේ අනාගත පරපුරට උදවු කරමු..

පොතක් දී ජිවිතයක් එළිය කරමු..

ඔවුනට ඔබත් උදව් කරන්නට තව දුරටත් විස්තර දැන ගන්න කැමති නම් 071 666 3282
– upul , 077 982 91 91 – Lahiru අමතන්න.. එහෙමත් නැතිනම්
http://imcds.org/ වෙබ් අඩවියට පිවිසෙන්න..




- අරුණි කළුපහන - 

Saturday, September 6, 2014

Needy Readers පොත් සවාරි



එකමත් එක රටක හරි අපූරු ළමයෙක් හිටියා.. ඒ ළමයාට පුළුවන්කම තිබ්බා ඇහි පිල්ලමක් ගහන පමාවෙන් ලෝකේ ඕනෙම තැනකට යන්න. ඔබ... හිම වලින් වැහිච්චි සීතල කඳු උඩින්... පියාඹන මාළුවෝ ඉන්න හරිම ගැඹුරු නීල මහා සාගරය උඩින් කිසිම කරදරයක් නැතිව යන්න ඒ ළමයට පුළුවන් උනා..

අකුණු ගගහා ගොරවන අඳුරු රාත්‍රී වල ඒ අපූරු ළමයා රොබින්සන් කෘසෝ එක්ක සයුරු ගවේෂණයේ ගියා. දුයිෂෙන් ගුරුතුමා එක්ක පොප්ලර් ගස් යට වාඩි වෙලා අයිලයේ අනාගතේ ගැන හිතුවා... සමහර දවස් වලට ඇලිස් එක්ක විශ්මලන්තේ තේ කෝප්ප සවාරියක් ගියා...

පොත් ඒ අපූරු සවාරි ඔක්කොම යන්න ඒ ළමයාට උදව් කළා.. 

පොතක තියෙන අගය වටිනාකම දන්නේ කන්නේ බොන්නේ නැතිව පොත් ගුල්ලෝ වගේ පොත් වලම ඇලී ගැලී ඉන්න කැමති ඔබම තමයි. හැබැයි ලංකාවේ සමහර පළාත් වල පාසල් වල පොත් වලින් පිරිච්ච පුස්තකාල නෑ... ඒ පුංචි මල් කැකුළු වල කියවීම් පවස නිවන්න NeedyReaders අපේ කණ්ඩායම අත්වැල් බැඳ ගත්තේ මිට වසර දෙකකට පමණ ඉහතදී...

එදා තුන්නාන ශ්‍රී සුමනජෝති විද්‍යාලයට කියවීම් පොත් ලබා දීමෙන් ඇරඹුණු Needy Readers සමාජ සත්කාරය අද වෙන කොට ලංකාවේ හතරදිග්බාගයේ විසිරිලා තියෙන පහසුකම් අඩු පාසල්, තරුණ සංවිධාන, ග්‍රාමීය පුස්තකලා ආදී තැන් වලට පරිත්‍යාග කරන්නට යෙදුනු කියවීම් පොත් ගණන ලක්ෂයකට ආසන්නයි..
පොත් සැණකෙළි පිරිච්ච සැප්තැම්බර් මාසයේ අපේ කණ්ඩායමේ බලාපොරොත්තුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරා ගත් දුෂ්කර පාසල් සමුහයකට කියවීම් පොත් 35,000 ක් ලබා දෙන්න..
ඒ උදාරතර අරමුණ යතාර්ථයක් කරගන්න පුළුවන් ඔබ අපි අත්වැල් බැඳ ගත්තොත් විතරයි. ඔබ කියවලා ඉවර වෙච්චි.. ඒත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන පොතක් හරි... අලුතින්ම ගත්තු සුවඳ ගහන අලුත් පොතක් හරි ඒ දුවා දරුවන්ට පරිත්‍යාග කරන්න අපි එක් වෙමු.
අපේ සසහෝදර පිරිස සැප්තැම්බර් 20 -21 දවස් වල ඔබේ නිවෙස් වලටම ඇවිත් ඒ දයාබර පරිත්‍යාගයන් භාර ගන්න සූදානම්..
071-666 32 82 උපුල්
011-982 91 91 ලහිරු
අපේ මේ දුරකථන අංක වලට කතා කරලා ඔබේ  පරිත්‍යාගයන් ගැන අපිට කියන්න, අපි ඒ උදාර පරිත්‍යාගයන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒ පුංචි මල් කැකුළු වෙත අරං යන්නම්....

අපි එක්වෙමු... කියවීමේ සා පිපාසාවෙන් පෙලෙන ඒ මල් කැකුළු පුබුදමු.  රමුණර්රික්කයේොට ලංකාවේ හතර කොන  

Friday, February 28, 2014


පල්ලියේ අර්ධ කවාකාර දොරටු අතරින් දිස්වන මන්නාරම් කොටු පවුර තවමත් හිරු එළියෙන් නෑවෙයි. ඉර බැස යාමට ආසන්න වී තිබුනත් ගිනියම් පැහැයෙන් දිලෙන සුර්යාලෝකය තවමත් මන්නාරම් කොටු පවුර හැර ගොස් නැත. හිරු රැස් උරා ගත් සාගර ජලයේ දිය රැලි රන්වන් පැහැයෙන් දිලෙයි. ඈතට ඈත ට විහිදෙමින් සුර්යාලෝකයේ ගිනියම් පැහැය තුල නො පෙනී යන ක්ෂිතිජ රේඛාව මෙන් ම මගේ ජීවිතය ද ඉවක් බවක් නැතිව, සීමාවක්, ඉමක් දැකිය නො හැකි ව ඇදී ඇති අපැහැදිලි රේඛාවක් වැනි ය. උස්ව නැගී බිදී යන මුහුදු රැලි මෙන් ම මගේ දිවිය ද අවිනිශ්චිත නොවේ ද ? “
                   
                    -  කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා (පෘතුගීසි සමය) - 

           ගෙවෙන නවම් මහේ පසුගිය 22 වෙනි සෙනසුරාදා හැන්දෑ යාමය මන්නාරම් තානායමේ ම ගත කරන්නට හිතාන, පෙර දවසේ කොළඹෙන් මන්නාරම් බලා එන්නට මොහොතකට පෙර සරසවියෙන් ගත්තු සෙංකඩගල මහා බිසෝ පොතේ පිටු පෙරළුව ද හිත මොහොතකට වත් එක්තැන් කර ගන්නට නො දෙන තරම් ම ගිනි කාෂ්ටකේ දෑසට පීඩා ගෙන  දෙන්නට විය. 

         අතට ගත්තු පොත එහෙමම අතේ දරා ගෙන තානායම් දොරටුවෙන් එලියට ගැටුවේ අයාලේ යන හිතට ඉඩ දී මිට පෙර පහස නො ලැබූ මන්නාරම් ඉසව්වේ ඔහේ ඇවිද යන්නට ය. ඉතින් අහුවෙන පාරවල් දිගේ ගොස් අතර මග දී හමුවෙන මන්නාරම් යුවතියන්ගෙන් පාර  අසාගෙන මන්නාරම් නගරයට යන මග හොයා ගතිමි. සල්වාර් ඇදුමෙන් හිස ගත වැසුණ ද කුංකුම තිලකේ නළලත් හැඩ කල  ද එක පාටක් මනුස්ස කමේ ලෙයක් සිරුර පුරා කිරුල දැරූ නිසා දෝ නොහදුනන නගරයක අතරමන් නොවී හරි හැටි සිමා මායිම් වත ගොත විස්තර දැන ගැනීමට හැකි වූ බවද නොකියා බැරිය. 

       මන්නාරම් නගරයේ පසකින් අහස උසට වියන් බැද ඇත්තේ මන්නාරම් කොටු පවුර යි. සිය වස් දහස් ගණනකට මෙපිටින් දහ නම වියැති මා ද පෘතුග්‍රීසි යුගයේ දහ නම වියැති දෝන කතරිනා කුමරියත්  කොටු පවුරේ සක්මනේ යෙදුණු මොහොතෙහි නම් වෙනසක් නොවූ බව සොබා දහම නම් අපූරුවට කියා පෑවේ ය. 

     උස්ව නැගී බිදී යන මුහුදු රැලි සේම අවිනිශ්චිත යයි හැඟෙන, ගිනි අළු යටින් හෙමිහිට සිය රශ්මිය විහිදුව න  මන්නාරම් අහස යට තවමත් හෙමිහිට මෝදු වෙන තරු කට ගොන්නකට දැනුම් සයුර කරා යන ගමනක පෙර ගමන් කරුවෝ වෙන්නට මිට ටික කලකට පෙර දැනිනු හැඟීම යථාර්ථයක් කරමින් මේ මන්නාරම් මහා පොලවට අපි සපැමිණි බැව් මන්නාරම් සුළගත් මමත් විතරක් දන්නා රහසක් නොවිණි. 

    ඉතින් මෙහි මේ කොටු පවුරේ හුස්ම සුළඟට මුහු වෙන මායිමේ ඉන්නේ මම පමණක් ම නොවේ. මගේ සගයනුත් මා සමගිනි. 

     සමාජ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික සහයෝගිතාව (International Movement for Community Development) හෙවත් IMCD ආයතනයේ  අපි මේ මන්නාරම් අහස යටට පැමිණියේ තවත් එක් අපේ ව්‍යාපෘතියක් සඳහායි. 

     එනම් පොතක් දී අනාගතයක් එලිය කරමු( DONATE A BOOK, LIGHT A FUTURE )  යන තේමාව අනුව යමින් පොත් අවැසි අහිංසක දරුවන් උදෙසා ක්‍රියාත්මක වන Needy Readers ව්‍යාපෘතිය අපේ මවුබිමේ මෙන් ම දසත මුළු මහත් ලෝකයේ විසිරී සිටින දානපතියන්ගෙන් ආධාර ලෙස ලැබෙන නව සහ පාවිච්චි කරන ලද  පොත් පත් එක් රැස් කර ගෙන කියවීමට කැමති දැයේ  අහිංසක දුවා දරුවන් වෙත ලබා දීමේ මහඟු කර්තව්‍යයේ තවත් එක් පියවරක් තැබීමට ඉතින් අප පසුගිය පෙබරවාරි 22 වෙනිදා මන්නරම අඩම්පන් පාසලේ දී සුදානම් වීමු.

    Needy Readers ව්‍යාපෘතිය යටතේ 2012 වර්ෂයේ සිට දිවයිනේ පාසල් විශාල ප්‍රමාණයකට පුස්තකාල පොත් බෙදා දී ඇතත් මෙහි දී සිදු කරනු ලැබූ කර්තව්‍යයේ විශේෂත්වය වන්නේ උතුරු පළාතේ සිදු කල පළමු සමාජ සත්කාරක සේවය මෙය වන නිසායි.  පොත් 1500කට අධික ප්‍රමාණයක්  තේවන්පීඩි රෝමානු කතෝලික දමිල මිශ්‍ර විද්‍යාලය, තුයා ජෝසෙප් වාස් මහා විද්‍යාලය,  තෙඩ්චානර් මතුතම්න්දු රජයේ දමිල මිශ්‍ර විදුහල හා අඩම්පන් මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්  4කට සහ මන්නාරම් යුද හමුදා කඳවුරට අවැසි පොත්  ඔවුනට ලබා දිම අරමුණු කර ගනිමින් අප එදින අඩම්පන් විදුහල් පරිශ්‍රය කර පිය නැගුවෙමු. 

      මෙය අපට ඉතා ම සුවිශේෂිත ය. මන්ද  උතුරු පළාතේ සිදු කල පළමු සමාජ සත්කාරක සේවය මෙය වන නිසා යි.

   දශක 3කට අධික කාලයක් රුදුරු යුද්ධය නිසා ගතින් සේම සිතින් ද අපමණ දුක් කරදර විදි දරු දැරියන් අබිමුවට ගොස් ඔවුන් හා කෙසේ කතා බහා කරන්නද කියා චකිතයක් හිත පුරා දිව ගියද ඔවුන් දුටු පළමු දසුනින් ම එය පහව ගිය බව නම් කිව යුතුමය. 

     ඔවුන්ගේ ආගමානුකූල ව නළල තට තිලක තබා මල් මාලා පලඳිමින්  අමුත්තන් වූ  මන්නාරම් මඩු අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන් , පාසල් හතරේ විදුහල්පතිවරුන් , ශ්‍රී ලංකා හමුදාවේ 54 වෙනි සේනාංකයේ  නිලධාරින් , පාසල් 4හි සිසුන් සහ IMCD, Needy Readers සාමාජිකයන් පිලි ගනිමින් අඩම්පන් විද්‍යාලයේ සිසුන් ඔවුන් ඔවුන් ගේ හදපත්ලෙන් ම ඔවුන්ගේ ළෙන්ගතුකම විහිදු ආකාරය නම් අපුරු ය. 

   එක් තැනක තිබුණු හරිම අපූර්ව ලෙස කෝලම් රටා මවා ඈඳී කෝලම් සිතුවම කාගෙත් නෙත් සිත් පැහැරගත් බව නම් නිසැකයි. 

    විවිධාකාර සොඳුරු අංගයන්ගෙන්  සැපිරූ උත්සවයක් මධ්‍යයේ පොත් බෙදා දීමෙන් අනතුරුව ඔවුන් සබකෝලයෙන් තොර ව අප හා එක්ව කතා කරමින් සෙල්ලම් කරමින් දවස ගෙවූ ආකාරය ද අපුරු ය. 

තල් අරණක ජීවිතය ගෙවුන ද ඔවුන් මහඟු දස්කම් ඇති දුවා දරුවන් පිරිසක්. හෙට ලෝකය අපෙන් පසු රැක ගන්නට තරම් නායකත්වයෙන් හෙබි පිරිසක්. අපිට වුවමනාද එයයි. 

     ඉතින්,  හැම දෙයක් ම ඉතාමත් සාර්ථක ලෙසින් නිම කරමින් ආපහු කොළඹ බලා එන්න පිටත් වීමු. ඒ ද තවත් එක කාර්යයක් අවසන් යයි කියා සිතා නොවේ ජීවිතයට  ලැබුණු අපුරුතම අත්දැකීම ගැන ආඩම්බර වෙමිනි.

     ජීවිතය ඇත්තේ ආගම් බේද , ජාති වාද ඇතුළත නොවේ එයින් ඔබ්බට ගිය මනුස්ස කම තුලය. හිත මිතුරු කම ගොඩනැගෙන්නේ එක සිනා රැල්ලෙන් මිස උප්පැන්නයෙ එක තීරුවකින් නොවේ.  ජීවිතය ඇහිඳිය යුත්තේ එක පොළොවක් මත හිඳ මිස තනි වුනු එක පොලෝ කුහරයක තුල  හිඳ නොවේ. 

  වරුවක එකමුතුවකින් වුව ද මන්නාරම් තුඩුවේ දරුවන් අපට කියා දුන්නේ එයයි. නිවී දිලිහෙන ආකාසේ ලොකු තරු කණමැදිරි එලි දල්වන පුංචි තරු පොකුරු ව කවදාවත් එලිය මදි කියල අහසින් එළවන්නේ නෑ. එක අහසක් යට ඉද ගෙන සැවොම එකා සේ ලෝකේට සේවය කරනවා. අවිනිශ්චිත ජීවිතයෙන් අතරමන් නො කර පාර කියනවා.
සැවොම එකා වන් ව නැගී හිඳිනවා. ඇති හැකි යයි බේද නැතිව ඒකම පවුලක් ලෙසින් දිවි ගෙවනවා. 
  
   එයයි ජීවිතය.. එයයි ආගම.. එයයි ජාතිය.. එයයි මනුස්ස කම.. 

ජායාරූප :

මන්නාරම් අහස 

IMCD ආයතනය පිළිබද හදුන්වා දෙමින් 

යුද හමුදා 54 වෙනි සේනාකයේ නිලදාරී තුමන්ට සංකේතාත්මකව පොත් ලබා දෙමින් 

පාසල් සදහා පොත් සංකේතාත්මකව ලබා දෙමින් 
කෝලම් රටා 

මන්නාරම් කොටු පවුර


- අරුණි කළුපහන -