Friday, February 28, 2014


පල්ලියේ අර්ධ කවාකාර දොරටු අතරින් දිස්වන මන්නාරම් කොටු පවුර තවමත් හිරු එළියෙන් නෑවෙයි. ඉර බැස යාමට ආසන්න වී තිබුනත් ගිනියම් පැහැයෙන් දිලෙන සුර්යාලෝකය තවමත් මන්නාරම් කොටු පවුර හැර ගොස් නැත. හිරු රැස් උරා ගත් සාගර ජලයේ දිය රැලි රන්වන් පැහැයෙන් දිලෙයි. ඈතට ඈත ට විහිදෙමින් සුර්යාලෝකයේ ගිනියම් පැහැය තුල නො පෙනී යන ක්ෂිතිජ රේඛාව මෙන් ම මගේ ජීවිතය ද ඉවක් බවක් නැතිව, සීමාවක්, ඉමක් දැකිය නො හැකි ව ඇදී ඇති අපැහැදිලි රේඛාවක් වැනි ය. උස්ව නැගී බිදී යන මුහුදු රැලි මෙන් ම මගේ දිවිය ද අවිනිශ්චිත නොවේ ද ? “
                   
                    -  කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා (පෘතුගීසි සමය) - 

           ගෙවෙන නවම් මහේ පසුගිය 22 වෙනි සෙනසුරාදා හැන්දෑ යාමය මන්නාරම් තානායමේ ම ගත කරන්නට හිතාන, පෙර දවසේ කොළඹෙන් මන්නාරම් බලා එන්නට මොහොතකට පෙර සරසවියෙන් ගත්තු සෙංකඩගල මහා බිසෝ පොතේ පිටු පෙරළුව ද හිත මොහොතකට වත් එක්තැන් කර ගන්නට නො දෙන තරම් ම ගිනි කාෂ්ටකේ දෑසට පීඩා ගෙන  දෙන්නට විය. 

         අතට ගත්තු පොත එහෙමම අතේ දරා ගෙන තානායම් දොරටුවෙන් එලියට ගැටුවේ අයාලේ යන හිතට ඉඩ දී මිට පෙර පහස නො ලැබූ මන්නාරම් ඉසව්වේ ඔහේ ඇවිද යන්නට ය. ඉතින් අහුවෙන පාරවල් දිගේ ගොස් අතර මග දී හමුවෙන මන්නාරම් යුවතියන්ගෙන් පාර  අසාගෙන මන්නාරම් නගරයට යන මග හොයා ගතිමි. සල්වාර් ඇදුමෙන් හිස ගත වැසුණ ද කුංකුම තිලකේ නළලත් හැඩ කල  ද එක පාටක් මනුස්ස කමේ ලෙයක් සිරුර පුරා කිරුල දැරූ නිසා දෝ නොහදුනන නගරයක අතරමන් නොවී හරි හැටි සිමා මායිම් වත ගොත විස්තර දැන ගැනීමට හැකි වූ බවද නොකියා බැරිය. 

       මන්නාරම් නගරයේ පසකින් අහස උසට වියන් බැද ඇත්තේ මන්නාරම් කොටු පවුර යි. සිය වස් දහස් ගණනකට මෙපිටින් දහ නම වියැති මා ද පෘතුග්‍රීසි යුගයේ දහ නම වියැති දෝන කතරිනා කුමරියත්  කොටු පවුරේ සක්මනේ යෙදුණු මොහොතෙහි නම් වෙනසක් නොවූ බව සොබා දහම නම් අපූරුවට කියා පෑවේ ය. 

     උස්ව නැගී බිදී යන මුහුදු රැලි සේම අවිනිශ්චිත යයි හැඟෙන, ගිනි අළු යටින් හෙමිහිට සිය රශ්මිය විහිදුව න  මන්නාරම් අහස යට තවමත් හෙමිහිට මෝදු වෙන තරු කට ගොන්නකට දැනුම් සයුර කරා යන ගමනක පෙර ගමන් කරුවෝ වෙන්නට මිට ටික කලකට පෙර දැනිනු හැඟීම යථාර්ථයක් කරමින් මේ මන්නාරම් මහා පොලවට අපි සපැමිණි බැව් මන්නාරම් සුළගත් මමත් විතරක් දන්නා රහසක් නොවිණි. 

    ඉතින් මෙහි මේ කොටු පවුරේ හුස්ම සුළඟට මුහු වෙන මායිමේ ඉන්නේ මම පමණක් ම නොවේ. මගේ සගයනුත් මා සමගිනි. 

     සමාජ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික සහයෝගිතාව (International Movement for Community Development) හෙවත් IMCD ආයතනයේ  අපි මේ මන්නාරම් අහස යටට පැමිණියේ තවත් එක් අපේ ව්‍යාපෘතියක් සඳහායි. 

     එනම් පොතක් දී අනාගතයක් එලිය කරමු( DONATE A BOOK, LIGHT A FUTURE )  යන තේමාව අනුව යමින් පොත් අවැසි අහිංසක දරුවන් උදෙසා ක්‍රියාත්මක වන Needy Readers ව්‍යාපෘතිය අපේ මවුබිමේ මෙන් ම දසත මුළු මහත් ලෝකයේ විසිරී සිටින දානපතියන්ගෙන් ආධාර ලෙස ලැබෙන නව සහ පාවිච්චි කරන ලද  පොත් පත් එක් රැස් කර ගෙන කියවීමට කැමති දැයේ  අහිංසක දුවා දරුවන් වෙත ලබා දීමේ මහඟු කර්තව්‍යයේ තවත් එක් පියවරක් තැබීමට ඉතින් අප පසුගිය පෙබරවාරි 22 වෙනිදා මන්නරම අඩම්පන් පාසලේ දී සුදානම් වීමු.

    Needy Readers ව්‍යාපෘතිය යටතේ 2012 වර්ෂයේ සිට දිවයිනේ පාසල් විශාල ප්‍රමාණයකට පුස්තකාල පොත් බෙදා දී ඇතත් මෙහි දී සිදු කරනු ලැබූ කර්තව්‍යයේ විශේෂත්වය වන්නේ උතුරු පළාතේ සිදු කල පළමු සමාජ සත්කාරක සේවය මෙය වන නිසායි.  පොත් 1500කට අධික ප්‍රමාණයක්  තේවන්පීඩි රෝමානු කතෝලික දමිල මිශ්‍ර විද්‍යාලය, තුයා ජෝසෙප් වාස් මහා විද්‍යාලය,  තෙඩ්චානර් මතුතම්න්දු රජයේ දමිල මිශ්‍ර විදුහල හා අඩම්පන් මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්  4කට සහ මන්නාරම් යුද හමුදා කඳවුරට අවැසි පොත්  ඔවුනට ලබා දිම අරමුණු කර ගනිමින් අප එදින අඩම්පන් විදුහල් පරිශ්‍රය කර පිය නැගුවෙමු. 

      මෙය අපට ඉතා ම සුවිශේෂිත ය. මන්ද  උතුරු පළාතේ සිදු කල පළමු සමාජ සත්කාරක සේවය මෙය වන නිසා යි.

   දශක 3කට අධික කාලයක් රුදුරු යුද්ධය නිසා ගතින් සේම සිතින් ද අපමණ දුක් කරදර විදි දරු දැරියන් අබිමුවට ගොස් ඔවුන් හා කෙසේ කතා බහා කරන්නද කියා චකිතයක් හිත පුරා දිව ගියද ඔවුන් දුටු පළමු දසුනින් ම එය පහව ගිය බව නම් කිව යුතුමය. 

     ඔවුන්ගේ ආගමානුකූල ව නළල තට තිලක තබා මල් මාලා පලඳිමින්  අමුත්තන් වූ  මන්නාරම් මඩු අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන් , පාසල් හතරේ විදුහල්පතිවරුන් , ශ්‍රී ලංකා හමුදාවේ 54 වෙනි සේනාංකයේ  නිලධාරින් , පාසල් 4හි සිසුන් සහ IMCD, Needy Readers සාමාජිකයන් පිලි ගනිමින් අඩම්පන් විද්‍යාලයේ සිසුන් ඔවුන් ඔවුන් ගේ හදපත්ලෙන් ම ඔවුන්ගේ ළෙන්ගතුකම විහිදු ආකාරය නම් අපුරු ය. 

   එක් තැනක තිබුණු හරිම අපූර්ව ලෙස කෝලම් රටා මවා ඈඳී කෝලම් සිතුවම කාගෙත් නෙත් සිත් පැහැරගත් බව නම් නිසැකයි. 

    විවිධාකාර සොඳුරු අංගයන්ගෙන්  සැපිරූ උත්සවයක් මධ්‍යයේ පොත් බෙදා දීමෙන් අනතුරුව ඔවුන් සබකෝලයෙන් තොර ව අප හා එක්ව කතා කරමින් සෙල්ලම් කරමින් දවස ගෙවූ ආකාරය ද අපුරු ය. 

තල් අරණක ජීවිතය ගෙවුන ද ඔවුන් මහඟු දස්කම් ඇති දුවා දරුවන් පිරිසක්. හෙට ලෝකය අපෙන් පසු රැක ගන්නට තරම් නායකත්වයෙන් හෙබි පිරිසක්. අපිට වුවමනාද එයයි. 

     ඉතින්,  හැම දෙයක් ම ඉතාමත් සාර්ථක ලෙසින් නිම කරමින් ආපහු කොළඹ බලා එන්න පිටත් වීමු. ඒ ද තවත් එක කාර්යයක් අවසන් යයි කියා සිතා නොවේ ජීවිතයට  ලැබුණු අපුරුතම අත්දැකීම ගැන ආඩම්බර වෙමිනි.

     ජීවිතය ඇත්තේ ආගම් බේද , ජාති වාද ඇතුළත නොවේ එයින් ඔබ්බට ගිය මනුස්ස කම තුලය. හිත මිතුරු කම ගොඩනැගෙන්නේ එක සිනා රැල්ලෙන් මිස උප්පැන්නයෙ එක තීරුවකින් නොවේ.  ජීවිතය ඇහිඳිය යුත්තේ එක පොළොවක් මත හිඳ මිස තනි වුනු එක පොලෝ කුහරයක තුල  හිඳ නොවේ. 

  වරුවක එකමුතුවකින් වුව ද මන්නාරම් තුඩුවේ දරුවන් අපට කියා දුන්නේ එයයි. නිවී දිලිහෙන ආකාසේ ලොකු තරු කණමැදිරි එලි දල්වන පුංචි තරු පොකුරු ව කවදාවත් එලිය මදි කියල අහසින් එළවන්නේ නෑ. එක අහසක් යට ඉද ගෙන සැවොම එකා සේ ලෝකේට සේවය කරනවා. අවිනිශ්චිත ජීවිතයෙන් අතරමන් නො කර පාර කියනවා.
සැවොම එකා වන් ව නැගී හිඳිනවා. ඇති හැකි යයි බේද නැතිව ඒකම පවුලක් ලෙසින් දිවි ගෙවනවා. 
  
   එයයි ජීවිතය.. එයයි ආගම.. එයයි ජාතිය.. එයයි මනුස්ස කම.. 

ජායාරූප :

මන්නාරම් අහස 

IMCD ආයතනය පිළිබද හදුන්වා දෙමින් 

යුද හමුදා 54 වෙනි සේනාකයේ නිලදාරී තුමන්ට සංකේතාත්මකව පොත් ලබා දෙමින් 

පාසල් සදහා පොත් සංකේතාත්මකව ලබා දෙමින් 
කෝලම් රටා 

මන්නාරම් කොටු පවුර


- අරුණි කළුපහන -    






Friday, February 7, 2014

අපේ ළමයි !!!

                                 
                                               

                                                     පවුලකට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඒ මුළු පවුලෙම බලාපොරොත්තු ලියලන්නෙ ඒ දරුවා වෙනුවෙන්.හෑම අම්මා කෙනෙකුගේම තාත්තා කෙනෙකුගේම පැතුම නීරෝගී දරු උපතක්.එහෙත් දෛවයේ සරදමකින් උපදින දරුවා ශාරීරික හෝ මානසික අතින් වෙනස් කෙනෙක් වුනොත් දෙමාපියන්ගේ හිතේ පත්තුවෙන ගින්දර හදුනන්නෙ ඒ අත්දැකීමට කලින් මුහුනදීල තියෙන කෙනෙක් විතරයි.

                           

                              අඹේපුස්ස ,බෝතලේ පදිංචි වෙලා ඉන්න තිලකරත්න යුවල ගෙවුනු අවුරුදු 22 පුරාවට මේ අත්දැකීමත් එක්ක ජීවත් වුණ දෙදෙනෙක්.ඒ වගේම අපේ බොහෝ දෙමාපියන්ට ආදර්ශයක්.තමන්ට ලැබුණු දරුවව මහපාරට ,රේල්පාරට ,මුහුදට විසිකරලා තමනුත් දිවි හානි කරගන්නැතුව ජිවිතයට ශක්තිමත්ව මුහුන දෙමින් රටට බරක් නොවන දරුවන් බිහිකරන්න අපේ ළමයි ළමා නිවාසය ගන්න වෑයම එතනට යන කාගේත් දෑස් තෙත් කරනවා.

                                         
                                 අද විශ්වත් එක්ක එයා වගේම නංගිලා මල්ලිලා 22 දෙනෙක් ජීවත්වෙන හැටි ඉගෙනගන්නවා .ඔවුන්ගෙ දෙමාපියන්ගේ  හිතේ හයියෙන් , මහන්සියෙන් ගොඩනැගුන මෙතන මුළුතැන්ගේ පටන් ගෙමිදුල දක්වා අඩුපාඩු බොහොමයි.ඒත් ඔවුන්ගේ අධිෂ්ඨානයේ නම් අඩුවක් නැහැ.



                                   මේ පාර Amuzed  එක්ක අත්වැල් බැදගෙන මාර්තු මාසෙ 8 වෙනිදා ඔවුන්ට සතුට අරන් ගිහින් , කෑමවේලක් බෙදාගෙන ,ඔවුන්ගෙ අඩුපාඩු හැකි උපරිමයෙන් පිරිමසා දෙන්නයි අපේ සූදානම.
                                  
                     අපිට ඕනි ඒ බලාපොරොත්තුවෙ සතුට ඔබත් එක්ක බෙදාගන්න . රටට බරක් නොවන දරුවන් තනන්නට උත්සාහ ගන්න ඔවුන්ගෙ හිතේ ගින්දර ටික දවසකට හරි නිවලා එන්න.ඹබේ උපන්දිනය ,විවාහ සංවත්සරය ඔවුන් එක්ක එකතුවෙලා සමරන්න ඔබත් කැමතිනම් ,එහෙම නැතිනම් මහන්සිගෙන් උපයන මුදලින් කොටසක් ඔවුන්ගේ දුක නිවන්න දායක කරන්න කැමතිනම් අපිව අමතන්න .ඔවුන්ගේ සතුටු සිනා වල ඔබත් හිමිකරුවෙක් වනවා නොඅනුමානයි.

වැඩි විස්තර සදහා විමසන්න

හසාරා 0775275080
සචිත්   0773852970
ප්‍රභානි  0717169639

නැතිනම් මේ සත්කාරයේ වටිනා දායකයෙකු වන්න


                                                                                 

                                                සැකසුම :හසාරා තෙන්නකෝන්





Wednesday, February 5, 2014



ඔබ ජීවිතේ එක සැරයක් හරි තවත් කෙනෙකුගේ හිතකට සතුටක්, මුහුණට සිනාවක් දුන්න කෙනෙක්ද ?

ඒක  එහෙම නම් ඒ මොහොත ආයෙත් මතක් කරගන්න. ඔයාගේ හිතට දැනෙන සතුට, ආඩම්බරය වචන වලට හරවන්න බැරි තරම් විශාලයි. ඔයා ඒ හිත් වලට සතුටක් ගෙනාවේ පොඩි දෙයකින් වෙන්න පුළුවන්. ඒ දේ අසරණ කෙනෙක්ට බත් පාර්සලයක් දීලා, අසරණ සතෙකුට පිහිට වෙලා, එහෙමත් නැත්නම් තමන්ගේම කෙනෙක්ගේ දුකකදී ලඟින් හිටපු වෙලාවක් වෙන්න පුළුවන්. සමහරවිට යාළුවොත් එක්ක එකතු වෙලා ලොකු පිරිසකට උදවු කළා වෙන්නත් පුළුවන්. ඒක තමන්ගේ උපන් දිනය දවසේ ළමා නිවාසයකට දුන්න දානයක් නැත්නම් විශ්ව විද්‍යාලයේ කට්ටිය එක්ක එකතු වෙලා දුෂ්කර පාසලකට ගිහින් කරපු සේවයක් වෙන්නත් පුළුවන්.

මොනවද මේ හැමදේම ? සමහරු කියන විදිහට මේක ලොකු පිං අතේ වැඩක්. එහෙමත් නැත්නම් නැති බැරි අයට කරන ලොකු උදව්වක්, විශාල සමාජ සේවයක්. සමාජයේ ලොකු පිරිසකට මේ වගේ සේවයක් කරන එක තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් හිතන්න , මේ දේවල් කරන්න කැමැත්ත තියෙන අය එකට එකතු වෙලා , ස්වේච්චාවෙන් සමාජයට සේවයක් කරනවානම් ....



ඒ වගේ පිරිසක් එකතු වුණ තැනක් තමයි IMCD සංවිධානය. අපි ලංකාවේ විවිධ පළාත් වලින් ආව අය. අඩු පහසුකම් තියෙන දුෂ්කර පාසල් වලට ගිහින් එයාලාගේ පුස්තකාල වලට පොත් බෙදලා දෙන්න, ඒ නංගිලා මල්ලිලාට උගන්නන්න , ඉගෙනගන්න ආස දක්ෂ අයට ශිෂ්‍යත්ව දීලා එයාලගේ ලස්සන හීන වලට පාට දෙන්න , තනි වෙලා ඉන්න අසරණ ආබාධිත අයගේ හිත් සතුටු කරන්න , එයාලට උදවු කරන්න , ඒ වගේම තවත් නංගිලා මල්ලිලාගේ සිහින පාසල සැබෑවක් කරලා දෙන්න අපි , IMCD සංවිධානය ස්වේච්චාවෙන් එකතු වෙලා ඉන්නවා.



ඉතිං ඔයත් කැමතිද අපේ IMCD පවුලට එකතු වෙලා මේ වගේ සේවයන් කරන්න ?
ජීවිතේට හොඳ යාළුවො , ලංකාව පුරාම ඉන්න අපි වගේ තවත් අය අඳුනා ගන්න... ඔයත් ඒ දේවල් වලට කැමති නම් එන්න , අපිත් එක්ක එකතු වෙන්න. www.imcds.org/join

Tuesday, February 4, 2014

සිනා බෝ වේවා !!!

මහ පොලවේ පය ගහල ඉන්න අපි හැමෝම විදින්නෙ එකම සුසුම , හැම නහරකම ගලන්නෙ එකම රුධිරය . දුප්පත් පොහොසත් ජාති ආගම් කුලමල බේදයක් නැතිව හිනාවෙන්නෙ සතුටට.ඒත් මේ හිනාවෙන මිනිස්සු දිහා බලාගෙන කදුළු හලන ,හිතින් විදවන නොටසකුත් අපි අතර ඉන්නවා.ජීවිත කාලයම රෝදපුටුවකට වෙලා ඉන්න වුනොත් , ලෝකයේ ලස්සන තමන්ගෙ දෑස් දෙකෙන් බලාගන්න බැරි වුනාම , තමන්ටම කියලා   දරුවෙක් හිටියත් නන්නාදුනන පිරිසක් මැද්දට වෙලා ඉන්න ගියාම දැනෙන දුක අති මහත්.අපටත් අයිතියක් තියනවා ඔවුන් එක්ක එකතු වෙලා ඒ දුක බෙදාගන්න ඒත් හීන පස්සෙ දුවල හතිවැටුනු අපේ හිතට ඒ දුක දැනෙන්නවත් වෙලාවක් නැතිවෙලා.

IMCD ආයතනයේ ව්‍යාපෘතියක් ලෙස AMUZED ආරම්භ වන්නේ මේ ගැටළුවට ව්සදුමක් හොයාගෙන .ඒ අපි මහමෙරක් ලෙස සලකන සල්ලි වලට වඩා ආදරය , කරුණාව ,රැකවරණය අගය කරන මින්සුන් සමග සිනහව බෙදාගන්න. ඒ අයට ආදරයත් තවත් තෑගි භෝගත් පොදිබැදගෙන දිවයිනේ විවිධ පලාත් වල වෙසෙන නංගිලා මල්ලිලා ,අක්කලා අයියලා ,සීයලා ආච්චිලා මුණගැහිලා ඔවුන්ගෙ අඩුපාඩු අපට හැකි උපරිමයෙන් පිරිමසා දෙන්නත් ,ඔවුන්ගේ මුවගට සිනාවක් දෙන්නත් අපේ ව්‍යාපෘතිය ආසාවෙන් බලාගෙන ඉන්නවා.



අපිත් එක්ක ඒ සතුට බෙදාගන්න ඔබත් කැමතිනම් අපහා එක්වන්න .තමන්ගෙ උපන්දිනයේදී , ජීවිතයේ විශේෂ අවස්ථාවකදී යාළුවෝ පිරිවරාගෙන කාල බීලා සතුටු වෙන අවස්ථාවකට වඩා මෙවන් මොහොතකින් ලැබෙන අත්දැකීම ඔබව හැමදාකම සොම්නසින් තබාවි .සත්තයි.

අමතන්න අපිව
හසාරා : 0775275080
අමිල    :0777713088
                                             සැකසුම: හසාරා තෙන්නකෝන්

Saturday, January 25, 2014

අපිට ජිවිතයේ අපි බලාපොරොත්තු වුනු නමුත් අපිට නොලැබුනු දේවල් කොතෙකුත් ඇති.එවැනි දෙවල් විඳ දරා ගැනීමේ විදි විවිධ වයස් මට්ටම් වලදී වෙනස් වුවත් පු0චි කාලේ පොතක් පැන්සලක් සෙල්ලම් බඩුවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවේ ඉඳල කර දඬු මහත්වුනු කල රැකියාවක් මිල මුදල් වැනි දේ ලබාගැනීමේ බලාපොරොත්තු දක්වා අපි අත්දකින එක දෙයක් තියනවා ,ඒ තමයි අපි බලාපොරොත්තු වුන දේවල් අපිට ලැබෙන කොට දැනෙන සතුට වගේම නොලැබෙන කොට දැනෙන අසරණ බව, ඒ අතරින් පොඩි දරුවෙක්ගේ අහින්සක බලාපොරොත්තු සිහින බොඳ වෙලා යන එක ඔවුන්ගේ පු0චි හිත් වලට මහ දුකක් ගෙන දේවි,

  ඔබේ මගේ ළමා කාලයේ උනත් පාසලේ අපි වටා හිටිය සමහරක් යාලුවන්ට ඔවුනට ඕනෑ එපා කරන සියලුම දේ තියෙද්දී අපේ අම්මලා අප්පච්චිලාට අපිට ඒ හැම දෙයක්ම ලබා දෙන්න හැකියාවක් වත්කමක් නොතිබුනු අවස්ථාවල දැනුනු අසරණ කමක අත්දැකීමක් ඔබටත් තියෙන්න පුලුවන්.ඉතින් එවැනි අත්දැකීම් එක්ක අපි වයසින් වැඩිලා සමාජයට යමක් කරන්න පුලුවන් වයසකට හැකියාවකට ආවම නුඔ මම අත්දැක්ක ඒ අසරණකම අද තවත් පුoචි එකෙක් ගේ හිතට දැනෙන්න නොදී ඔවුනට උදව් කරන්නට හැකියාවක් ඇත්නම් ඉන් කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොලැබුනත් හිතට මහත් ආත්ම තෘප්තියක් ගෙනදේවි.

එලෙස උදව් කරන්න අපි වසරකට පෙර තෙත් සිත් ඇති කිහිප පිරිසක් එකතුවෙලා NeedyReaders ව්‍යාපෘතිය ඇරඹුවා, එහි නවතම පියවරක් ලෙස පසුගිය ජනවාරි 24 වන දින මහනුවර ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල් 9 ඉගෙන ගන්න අපේම පුoචි නoගිලා මල්ලිලා වෙනුවෙන් අපිට පුළු පුළුවන් හැටියට අපේ රටේ මෙන්ම විදේශ රට වල ඉන්න අපේම ලාoකික පරිත්‍යාග ශීලීන්ගෙන් එකතු කරගත්ත වටිනා පොත් පත් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ පාසල් පුස්තකාල සඳහා ලබා දුන්නා. මේ කර්තව්‍යය පැවැත්වූවේ කඩුගන්නාව ප්‍රාථමික විද්‍යාලයේදී මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියගේ හා  කඩුගන්නාව පොලිස් ස්ථානධිපති තුමාගේ ප්‍රධානත්වයෙන්.





 මහනුවර අවට අප විසින්ම තෝරාගත් පාසැල් 9ක් වන
1.       කඩුගන්නාව ප්‍රාථමික විද්‍යාලය
2.       කිරින්ද ආදර්ශ පාසල
3.       ගන්නෝරුව මධ්‍ය විද්‍යාලය
4.       උඩඅළුදෙණිය මහා විද්‍යාලය
5.       ලුම්බිණි විද්‍යාලය
6.       අප්ලන්ඩ් ද්‍රවිඩ විද්‍යාලය
7.       අල්-හික්මා මුස්ලිම් විද්‍යාලය
8.       ගම්පොළ දේවි බාලිකා විද්‍යාලය
9.       තිරුවල්ලුවර් විද්‍යාලය   සඳහා ඒ ඒ පාසැල් විදුහල්පතිතුමන්ලා හා තුමියන්ල වෙත මේ පොත් පත් උත්සවාකාරයෙන් ප්‍රදානය කෙරුණා.





ඒ පොත් පත් අපේ රටේ තවත් පුoච් උන් දාස් ගණනකගේ නැණස පාදන්න රුකලක්වේවි ඉතින් මේ කර්තව්‍යය මේසා සාර්ථක කරගන්න අපි පසුපස සිටියේ පරිත්‍යාගශීලි ඔබයි. ඔබේ පොත් පරිත්‍යාගයන් නොමැතිවන්නට අපිට මෙවැනි යහ කටයුත්තක් ඉටු කිරීමට නොහැකිවන්නේය,ඔබට අපේ කෘතඤතාවය හිස නමා මෙසේ පළ කර සිටිමු. අප හට පාසැල් ශාලාව ලබාදීමේ සිට 24 වන දින මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා නොනිමි සහයක් ලබා දුන් කඩුගන්නාව ප්‍රාථමික විද්‍යාලයේ එච් . එම් රත්නායක විදුහල්පති තුමා ඇතුලු එම විද්‍යාලයේ ගුරු මණ්ඩලයටත් අපගේ ප්‍රණාමය මෙලෙස පුදකර සිටිමු.

ලාබ ප්‍රයෝජන, විනෝදය ,ජනප්‍රියත්වය මූලික කර නොගනිමින් රටේ සමාජයේ වෙසෙන අනෙකුත් පිරිස් ගේත් ඇස් කන් අවදි කරන්නට ඔවුන්ටත් යමක් සමාජයට කරන්නට පෙළඹවීමක් ලබාදෙන්නට යමක් කිරීමට හැකිනම් අවසන නුඹට කිසිත් නොලැබුනත් මිල කළ නොහැකිවූ ආත්ම තෘප්තියක් අවිහින්සකව ලඟාකරගැනීමට හැකිවනු ඇත.


පොතක් පරිත්‍යාග කර ජීවිතයක් එළිය කිරීමට ඔබත් කැමති නම් එන්න අත්වැල් බැඳ ගන්න අපිත් සමඟ.



සැකසුම:IMCD KANDY CHAPTER

Wednesday, January 22, 2014

නුඹ, නුග ගසක් දැක තිබෙනවාද? ඈතට විහිදී යන ප්‍රධාන මාර්ගයක් අසබඩ පිහිටි  අතු පතර විහිදී ගිය විසල් පිරිසකට සෙවන දෙන්නට සමත් රෑස්ස නුග ගසක්. 
ඔබත් මමත් ඒ නුග ගසේ සෙවන යට වෙහෙස නිවා ගන්නට ඇති. පිපාසයට පැන් පොදක් බොන්නට රැඳෙන්නට ඇති. දිවා ආහාරය ගන්නට සතුටු සාමිචියේ යෙදෙන්නට අපි එකතුවෙන්නට ඇති.
ඇයි අපි විතරක් කොපමණ සිව්පාවුන් පිරිසක් මේ අවට රැඳෙන්නට ඇත්ද? කොපමණ කුරුල්ලන් පිරිසකට මේ නුග ගසේ ඵල වැල අහර වන්නට ඇත්ද?
ඇයි අපි තවත් මේ වගේ නුග පැළයක් සිටුවන්නේ නැත්තේ. අළුත්ම තැනක. මේ වගේ අතුපතර විහිදා සෙවන දෙන්නට තවත් පිරිසකට.....

මේ පූර්ව කන්දරයත් අපේ IMCD ආයතනය වගේමයි. පුංචිම පුංචි බීජාංකුරයකින් ශක්තිමත් මුල් සදාගෙන මේ වෙද්දී දළුලා වැඩුනු රූස්ස ගසක් බවට පත්වෙන්න පටන් අරන්. මේ රූස්ස ගසේ සෙවන ලබමින් අපි වගේ ස්වෙච්චාවෙන් සමාජය යහපත් තැනක් බවට පත් කරන්නට කොපමණ මෙහෙයක් ඉටු කර ඇත්ද?

අර මම මුලින් කිව්ව කුරුල්ලෝ....

ඒ අපි නම් නෙමේ. හැබැයි ඒ තමා අපි විසින්
Needy Readers, Colour a Dream, Path to Wisdom සහ Amused ව්‍යාපෘති යටතේ සෙවන ලබා දුන් සෙවනක් අවැසිව සිටි අපේම සොයුරු සොයුරියන් පිරිස...

එතකොට කොහෙද අපි හිටවපු අළුත්ම නුග පැළේ.... අනාගතයේ මේ වගේම රූස්ස නුග ගසක් වෙන්න....

ඒ තමා අපේ IMCD-මහනුවර පරිච්ඡේදය. කොළඹ ගෙන්දගම් පොළොවේ බිහිවුන IMCD විසල් වෘක්ෂයේ Needy Readers ශාඛාවකින් තමා අපි කන්ද උඩරට සෞම්‍ය පරිසරයේ IMCD මහනුවර පරිච්ඡේදය බිහි කළේ...


IMCD ආයතනය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රථම පියවර ලෙස ආරම්භ කළ මහනුවර පරිච්ඡේදය පිහිටුවා මේ වන විට ගෙවි ඇත්තේ සීමිත කාලයක්.  මේ වටා ස්වේචාවෙන් රොද බැඳුන සොයුරු සොයුරියන් පිරිස 30කට අධිකයි.

පොතක් පරිත්‍යාග කර අනාගතයක් දල්වමු යන තේමාව යටතේ මේ වන විට ක්‍රියාත්මක වන Needy Readers හෙවත් IMCD ආයතනයේ ප්‍රධානතම ව්‍යාපෘතිය කේන්ද්‍ර කර ආරම්භ වූ IMCD මහනුවර පරිච්ඡේදය මේ දිනවල ලහි ලහියේ සූදානම් වන්නේ සිය කුළුදුල් පොත් ප්‍රධානය කිරිමේ ව්‍යාපෘතිය වෙනුවෙන්. ඒ සඳහා මහනුවර මෙන්ම කාර්ය බහුල කොළඹ සහොදර සහොදරියන්ගෙන්ද නොනිමි සහයක් අපිට ලැබෙනවා .IMCD විසල් වෘක්ෂයේ සෙවන තවත් පිරිසක් වෙත ලබා දීම පරම චේතනාවෙන් ජනවාරි 24 වන දා ඔවුන් සුදානම් වන්නේ ඒ මහඟු කර්තව්‍ය ඉෂ්ට කිරීමටයි.









වර්ෂ 2014 ජනවාරි මස 24 වනදා උදෑසන 9ට කඩුගන්නාව ප්‍රාථමික විද්‍යලයේදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පොත් ප්‍රධානය කිරීමේ කටයුත්ත ආරම්භ කිරීමට මේවන විට සියලු කටයුතු සුදානම්.

1.       කඩුගන්නාව ප්‍රාථමික විද්‍යාලය
2.       කිරින්ද ආදර්ශ පාසල
3.       ගන්නෝරුව මධ්‍ය විද්‍යාලය
4.       උඩඅළුදෙණිය මහා විද්‍යාලය
5.       ලුම්බිණි විද්‍යාලය
6.       අප්ලන්ඩ් ද්‍රවිඩ විද්‍යාලය
7.       අල්-හික්මා මුස්ලිම් විද්‍යාලය
8.       ගම්පොළ දේවි බාලිකා විද්‍යාලය
9.       තිරුවල්ලුවර් විද්‍යාලය

අඩු පහසුකම් යටතේ ඉගෙන ගන්නා ගුරු හිඟයෙන් පීඩා විඳින යාමට ඒමට හරි හමන් මාර්ග පද්ධතියක් හෝ නොමැති එහෙත් ඉගෙනීමට ආස කරන අපේම සොයුරු සොයුරියන් පිරිසක් ඉගෙන ගන්න ඒ පාසල් 9 වෙත සිය කුළුදුල් පොත් ප්‍රධානය කිරීම සත්කාරය සිදු කිරීම අප මහනුවර සොයුරු කැළ මේවන විට අත්වැල් බැඳගෙන හමාරයි.







ප්‍රධානය කිරීමට යෝජිත පොත් සංඛ්‍යාව දෙදහසකට අධිකයි. ඒ දෙදහසකට අධික පොත් සංඛ්‍යාව පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීන් ප්‍රමාණය මෙතකැයි කියා ගණන් කල නොහැකිය.  අසරණ පිරිසකට පිහිටක් වන්නට දායකවූ ඔබට බොහොමත්ම ස්තූතියි. කාලවේලාව තිබේනම් මේ සුභ කර්තව්‍ය සඳහා පැමිණෙන්න. ඒ අපේ අහිංසක ඉල්ලීමක්.




ඉතින් ඔබත් කැමතිද මේ සඳහා දායක වෙන්න. මේ පළමු කටයුත්ත මෙන්ම තවත් ඉදිරියේදී මෙවැනිම වූ සත්කාර සිදුවේවි ඔබටත් පොතක් පරිත්‍යාග කර එවැන්නක් වෙනුවෙන් දායක වෙන්න පුලුවන්. වැඩිවිස්තර සඳහා පිවිසෙන්න :-



සැකසුම: අශාන් ඉමන්ත බoඩාර