Thursday, June 8, 2017

එන්න හීන වලට පණ පොවන්න

දිගු කලක් තිස්සේ පැවති මහා නියගයකින් පසු පොළෝ තලය මතට ඇද හැලෙනා පළමු වැහි දිය පොද හෙවත් අක් වැස්සකින් කෙතරම් සිත් නිවේවි ද සැනහේවිද.. කාශ්ටක ගිනියම් අව්වත් සමගින් පොර බදා හෙම්බත් වන මිනිසුන්ට ජිවිතය කෙතරම් කටුක වුවත් ජිවිතය හැර දා පලා යා නොහැකියි. ඒ උරුමය යැයි කියා සුසුමකින් ලය සනසා ගන්නවා මිසක හිස් අහස දෙස බලා වැස්ස වලාහක දෙවියන්ට කන්නලව් කර දිය පොදක් අයදිනවා මිසක ඔවුන් වෙන කුමක් නම් කියා කරන්න ද.....