Friday, November 15, 2013

       ජීවිතය කෙතරම් රළු ද දැන ගැනීමට නම් අපි ජීවිතය නම්  විල් තෙරේ පතුලටම කිමිදිය යුතුමැයි. මතුපිටින් දකිනා සොදුරු මල් කැකුළු වල අසිරියට වඩා ඒවා පිපෙන්නට දරනා වැයම කෙතරම් දුෂ්කර ද දන්නේ ඔවුන්ම පමණි.

   අපිට ඒ සොදුරු මල් අසිරිමත් ලොවක් කරා ගෙනියන්න නොහැකි වුනත් ඒ අසිරිමත්  ලොව කරා යන විල් තෙරෙන් එගොඩ වීමට පාර කියා දෙන්න පුළුවනි. ඉතින් අපි ඒ නිසාම පුංචි අහිංසක මල් කැකුළු හොයා අනුරාධපුර, මහකනදරා වැව , යාය 1 විදුහලට ගියෙමු. 


 
 නුතන ලෝකයෙන් අංශු මාත්‍රයක්වත් නොයිදුල් වුනු අපුරු ගම්මානයක අහිංසක ලපටි සිනා අහුරක් මැද්දෙන් සමාජ සංවර්නය උදෙසා  වූ අන්තර්ජාතික සහයෝගිතාව ( IMCD) හි අපගේ ව්‍යාපෘතියක් වන “ මගේ  සිහින පාසැල “ (MY DREAM SCHOOL) පළමු ව්‍යාපෘතිය 2013 නොවැම්බර් 08 වන දින එසේ ආරම්භ කළෙමු.

  නොයෙක් විද කම්කටොළු රැසක් මැදින් ලෝකයේ පිපෙන්නට වෙර දරන මෙම පුංචි දරුවන්ට අග හිග කම් බොහොමයි. නමුත් ඒ හැම බා
කයක්ම අභියෝගයක් ලෙසින් බාර ගනිමින් මේ දරුවන් ජීවිතය ජය ගන්නට  දරනා වැයම නම් අපුර්වයි. ඒ වගේම ඔවුන් අපුරු සැගවුණු දක්ෂතා රැසකින් පිරිපුන් දරුවන් පිරිසකි. 




    මහකනදරා වැව, යාය 1  විදුහලේ දරුවන් සමග එක්ව ඔවුන්ගේ ජීවිතය බෙදා ගනිමින් , ඔවුන්ට සවියක් වෙමින් , එදින ඔවුන්ගේ පාසලේදී අප ඔවුනට පාසල් පොත් පත් , ලිපි ද්‍රුවය සේම ක්‍රීඩා උපකරණ , විද්‍යාගාර උපකරණ රැසක් අපගේ  දෑතින් ඔවුන්ට දායාද කරමින් අප අපගේ ව්‍යාපෘතිය අති සාර්ථකව පැවත්වීමු. එසේම ඔවුන්ගේ පාසලට අත්‍යවශ්‍යව තිබුණු අත් පන්දු පිටිය සේම අවශ්‍ය ක්‍රීඩා උපකරණ ද සපයා දී  එදින ඔවුන් සමග ආරම්භක තරගයක් ද පවත්වා ඔවුන් සමග අප ද අත්වැල් බැද ගත්තෙමු. 

වොලිබෝල් පිටිය විවෘත කිරිම



  මේ සියලු කාර්යයන් අපිට මේ සා සාර්ථක කර ගනිමින් මෙවන් අපුරු මෙහෙවරක් කිරීමට අප ව්‍යාපෘතිය හා අත්වැල් බදිමින් අප හා රැදුණු දෙස් විදෙස් මිතුරියන් සියලු දෙනෙක්මද ස්ලෝවැකියානු ජාතික
ජුලියා ස්වෙන්ඩෝවා (Julia Svandova)සේම ඇගේ මිතුරු මිතුරියන් සියලු දෙනෙක්ම ද අපි අපගේ සාර්ථකත්වයේ හිදී ස්තුතිපුර්වකව සිහිපත් කරන්නෙමු.

   හෙට දිනයේ තවත් මෙවන් පුංචි මල් කැකුළු රැසකට පාර කියා දෙන්නට අපි
නැවත සුදානම් වෙමින් සිටිමු. ඉතින් අප ලෙසින්ම මෙවැනි මල් පොහොට්ටු රැසකට ලෝකයට යන පාර කියා දෙමින් හෙට ලෝකය සමග අත්වැල් බැද ගන්නා ලෙසට අප ඔබට ද ඇරයුම් කරමු. 

වැඩි විස්තර දැනගැනීම සඳහා පිවිසෙන්න http://www.imcds.org/- සමාජ සංවර්නය උදෙසා  වූ අන්තර්ජාතික සහයෝගිතාව ( I mcd ) එමෙන්ම ඔබත් මේ කර්තව්‍යය හා දායක වන්නට කැමති අයෙක් නම් IMCD කාර්‍යමණ්ඩලයේ   සභාපති,  උපුල් චමීර සේනනායක  -(077)2517512 හෝ  කළමණාකරු-මෙහෙයුම් කටයුතු ,අමිල අමරසිoහ- (071)6304052 අමතන්න.


සිහින සැබෑවී දිව යන ඔහු


  

Tuesday, November 5, 2013

මගේ සිහින පාසැල ....



වීඩියෝ ගේම් එකක්
,මොබයිල් ෆෝන් එකක් එහෙමත් නැත්නම් අයි ෆෝන් (iPhone) එකක් අයි පෑඩ්(iPad) එකක් ලබා ගන්න සිහින දකින පොඩි දරුවන් අද අප රටේ සුලබයි. තම පාසලේ වුව ඔවුහු දකින්නට කැමැත්තක් දක්වන්නේ තිබෙන පරිගණක වෙනුවට නවීන පන්නයේ උපාoග ඇතුලත් පරිගණකයන් තිබෙනු දැකීමටයි.ඒ මීට වසර කිහිපයකට පෙර ඒ වයසේම අපේ රටේ ළමා පරපුර දුටු සිහින වලට වඩා වෙනස් මෙන්ම සoකීර්ණ වූවත් සිහන ලෙස යමෙකුට අර්ථ දැක්විය හැක.
නමුත් රටේ ඇතැම් කොනක මෙවැනි මෙවලම් පිළිබඳ කිසිත් නොදත් තවත් ළමා පිරිසක් අප රටේ ජීවත් වෙති.ඔවුහු දකින සිහින සරලයි ,සුන්දරයි.හිසට සෙවනක් පයට මිරිවැඩිසඟලක් පමනක් නොව කුසට අහරක්වත් නොම ඔවුන් සිහින දකින්නේ පොතක් පෑනක් පාට කූරු පෙට්ටියක් ලබා ගැනීමටයී.හිමිදිරි පාන්දර කඩුල්ල පැන දෙවැට දිගේ පාසැලට යන ඔවුන් සිහින දකින්නේ අව්වට වේලී වැස්සට තෙත බරිත වන පන්ති කාමර වෙනුවට පිළිසකර කළ පන්ති කාමරයක පුටු මේස සහිතව අකුරු කරන්නටයි.
ලස්සන වට පිටාවක ,අපහසුතාවයන්ගෙන් තොරව ඉගෙන ගන්න, ක්‍රීඩා කරන්න ,මෙවලම් සහිත වූ විද්‍යාගාර,පොත් පත් සුරක්ෂිත වූ පුස්තකාල පරිහරණය කරන්න  ඔවුන් දකින සිහින ,සිහින පමණැකින්ම වියැකී යා යුතුද?එවැනි වූ සිහින දකින අහින්සක පුoචි දරුවන් දාස් ගණනක් අප රටේ කොතෙකුත් ඉන්නවාද?
ඉතින් එවැනි වූ දරුවන් පිරිස් දුටු අපේ රටේ නොවුනත් ,මිනිස්කමින් අපිටම නෑකම් කියන ජුලියා ස්වෙන්ඩෝවා (Julia Svandova)ස්ලෝවැකියානු ජාතික තරුණියක්, ඇය අප රටට පැමිණි පසුව අප රටේ පිටිසර ගම් දනව් වල ඉන්න කුඩා දරුවන්ගේ හිත්වල ලියවිලා තියෙන අහින්සක සිහින වලට පණ දෙන්න ඇයට කළ හැකි යමක් ගැන සිතන්නේ අනුකම්පාව පෙරදැරිවම නෙවේ නමුත් ලෝකයේ කොතැනක හිටියත් පුoචි හිත්වලට දැනෙන හීන සුන්දර බැව් ඇය දත් නිසාවෙන්ම විය යුතුයි,ඉතින් ඒ සිතුවිල්ලේ ප්‍රථිපලයක් ලෙස ඇය නැවතත් තම මව් රටට ගිහින් පුoචි දරුවන් ගේ සිහින සැබෑ කරන්න අවශ්‍යය අඩිතාලම සකසන්න ඊට අවශ්‍යය මූල්‍යමය ප්‍රථිපාදන  රැස් කරනවා, ඇයට ඇගේ රටින් කොපමණ සහයක් ලැබුනත් ඒ සඳහා අපේ රටෙනුත් මග පෙන්වීමක් මෙන්ම සහයක් අවශ්‍යය වෙනවා ,ඉතින් එතනදි තමයි සමාජ සoවර්ධනය උදෙසා වූ ජාත්‍යන්තර සහයෝගීතාව (INTERNATIONAL MOVEMENT FOR COMMUNITY DEVELOPMENT-IMCD) ඇයත් සමඟ අත් වැල් බැඳ ගන්නේ.මේ සියල්ලේ ප්‍රථිපලයක් ලෙස මගේ සිහින පාසැල”(MY DREAM SCHOOL) ව්‍යාපෘතිය බිහි වෙනවා, මෙහි පරමාර්ථය වන්නේ පෙරකී අහින්සක දරුවන් දකින සිහින පාසැල ඔවුන් වෙනුවෙන් සැබෑවක් බවට පත් කර දීමයි, මූල්‍ය ප්‍රථිපාදන ජුලියා ස්වෙන්ඩෝවා (Julia Svandova)විදේශික සොයුරියගෙන් ලැබුනත් මෙහි සියලූම කටයුතු සූදානම් කිරීමේ තෙක් අවසානයේ ඔවුන්ගේ සිහින සැබෑවක්  බවට පත් වන තෙක් වූ සියළු කටයුතු මෙහයවීම හා ඉටු කිරීම සිදුවන්නේ IMCD අපේම සොයුරු සොයුරියන් අතින්.මෙහි පළමු පියවර ලෙසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලයේ පිහිටි මහකනදරාව වම් ඉවුර යාය පාසල වෙත අවශ්‍යය පහසුකම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එළැඹෙන නොවැම්බර් මාසයේ  7 වන දින මෙය සිදු කරන්න දැනටමත් අපේ පිරිස යුහුසුළුව කටයුතු කරන බව පවසන්නේ ඉමහත් ආඩම්බරයෙන්, ඉතින් එදිනට මහකනදරාව විදුහලේ පුoචි දරුවන්ගේ සිහන පාසැල සැබෑවක්ම බවට පත් වේවි.අවසානයේ තවත් එක් දෙයක් එකතු කිරීමට කැමැත්තෙමි, මෙලෙස ඇරඹෙන ඒ සoකල්පය ඉදිරියට ගෙන යාමේ වගකීම සතුවන්නේ ජූලියා සොයුරියටවත් ඇගේ හිත මිතුරන්ටවත් නොවනු ඇත, එය භාරවනුයේ මේ භූමියේ ඉපදී වැඩුනු මට හා ඔබටයි. ඉදිරියේදීත් අපි මෙසේ ඇරඹෙන සිහින පාසැල oකල්පය තවත් එක් සිහිනයක් පමණක් නොවන්නට වග බලා ගනිමු.


රිද්මිකා ඉලoගසිo