සමාජය වෙනුවෙන් මෙහෙයක් ඉටුකිරීමේ අරමුණින් මීට වසරකට ඉහතදී දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන මෙන්ම රැකියාවල නියුතු තරුණ පිරිසකගේ එකතුවකින්,International Movement For Community Development -IMCD(සමාජ සංවර්ධනය උදෙසා වූ අන්තර්ජාතික සහයෝගිතාව) බිහිවිය.
 
මෙහි මූලිකම අභිප්‍රාය වනුයේ තමන් හැදුනු වැඩුනු සමාජය වෙත පෙරළා සේවයක් ඉටු කිරීමයි.ඒ සඳහා මෙතෙක් කණ්ඩායමක් ලෙසින් අප ආ ගමන් මග සුළුපටු නොවන්නේය."සමාජය වෙතින් බිහිවී සමාජය සමගින් එකතුව සමාජය වෙතම පිහිටවීම" යන තේමාව මතින් අප මෙහි මුල් පියවර තබනුයේ  Needy Readers (නීඩි රීඩර්ස්) ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙනි. එය ශ්‍රී ලංකාවේ හඳුනාගත් අඩු පහසුකම් සහිත ප්‍රදේශවල පාසල් පුස්තකාල වෙනුවෙන් අවශ්‍යය පොත්පත් පරිත්‍යාග කිරීමේ  වැඩසටහනකි.

 Path to Wisdom (පාත් ටු විස්ඩම්) ව්‍යාපෘතිය මගින් පහසුකම් අඩු ප්‍රදේශවල පාසල් සිසු දරු දැරියන් වෙනුවන් අධ්‍යාපනික උපකාරක වැඩමුළු මාලාවක් දියත් කරනු ලබයි

Color a Dream (කලර් අ ඩ්‍රීම්) මගින්,ඉගෙනීමට දක්ෂතා ඇති නමුත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන සිසු සිසුවියන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන සිහිනය යථාර්තයක් කරගන්නාතෙක් ,රටේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන විශ්වාසනීය පරිත්‍යාගශීලීන්ගේ උපකාරයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදුකරයි.

 මේ සියලු මෙහෙයන් ඉටුකරනුයේ සමාජයේ ස්වේඡ්චාවෙන් ඉදිරිපත්වූ ජව සම්පන්න තරුණ කැළකගේ සහභාගීත්වයෙනි.මෙතෙක් ආ ගමන් මග තුළ IMCD ආයතනය ස්ථාපිතවුයේ කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන වුවත් අද දිනය වනවිට තවත් නවමු පරිච්ඡේදයක් ලෙසින් අප සහයෝගිතාව සෙoකඩගල පුරවරය වෙත IMCD Kandy Chapter මැයින් සාර්ථක ලෙස ව්‍යාප්ත කිරීමේ භාග්‍යද උදා කරගෙන ඇත.