Wednesday, January 1, 2014

සතුටු කඳුළු - Christmas To Remember




“මගේ නත්තල දුගියා බත් කන දාය” ගරු මර්සලින් ජයකොඩි පියතුමා ඒ විදිහට නත්තලේ උතුම් අරුත අපිට පැහැදිලි කළා. නත්තල විතරක් නෙවෙයි අපේ ජිවිත වලට සැබෑ අරුතක් එකතු වෙන්නෙත්, අපි ජිවත් වෙනවා කියලා දැනෙන්නෙත් සමාජයට දැනෙන දෙයක් කලාම.
 
පහුගිය දෙසැම්බර් 28 වෙනිදා අපි ආයේ එකතු උනා. IMCD, Youth Fest Sri Lanka එකතුවෙලා ලෝ පුරා පැතිරී ඉන්න දානපතීන් එක්ක එකතු පහදු වෙලා අපි තීරණය කළා හැමදාම මතක හිටින නත්තලක් අපේම සහෝදර පිරිසකට තිලිණ කරන්න. “Christmas To Remember”; IMCD Amuzed ව්‍යාපෘතියේ දෙවැන්න ඒ විදිහට හරිම අපූරුවට කළුතර මාක් ශ්‍රී අසරණ සරණ නිවාසයේ දිග හැරෙන්නේ අන්න ඒ විදිහට.

මාක් ශ්‍රී අසරණ සරණ නිවාසයේ ඉන්නේ අපි වගේම මිනිස්සු. ලෝ දහමේ සරදමකට වගේ ඒ අය අසරණ වෙලා. සමහර අය උපතින්ම ආබාධිත වෙලා. ඒ නිසා සමාජයෙන් කොන් වෙච්චි අපේ අය හොයාගෙන අපි ගියා. හිස් අතින් නෙවෙයි. තෑගී බෝගත් අරගෙන.

මාක් ශ්‍රී නිවාසයට ගිය අපේ කට්ටිය මුලින්ම කොසු ඉදල් එහෙම අරගෙන ලස්සනට ඒ වටපිටාව පිරිසිදු කළා. පිරිසිදු කරන ගමන්ම අපේ තවත් කට්ටියක් දවල් කෑම පිළියෙළ කළා.

  මේ වැඩ කටයුතු යන අතරේ අසරණ සරණ නිවාසේ අපේම අය එක්ක පුංචි කතා බහක යෙදෙන්නත් අපි අමතක කලේ නෑ. සමහර අය මනසින් වැඩිලා නැති උනාට ආදරය කරුණාව වගේ උත්තම මිනිස් ගුණ ධර්ම ඒ අය අස්සේ හැංගිලා තිබ්බා. ඒ නිසාම තමයි තමන් එක්ක එකට ඉන්න අත පය වලංගු නැති සහෝදරියට නැත්නම් සහෝදරයාට කවලා ඊලඟට තමන් කෑම පත අතට ගන්න ඒ අය ඉදිරිපත් උනේ.

හරි ආසාවෙන් ඒ අය කෑම කෑවා.. හිනාවුනා. 

නත්තල හරිම අපූරු මිහිරියාවක් එකතු කරන කැරොල් ගී ප්‍රසංගයක් තියන්න අපේ අය ලක ලැස්ති වෙලා තිබ්බා. හරිම අපූරුවට මාක් ශ්‍රී නිවාසේ පුංචි අයත් අපිත් එක්ක කැරොල් කිව්වා. නත්තල් සීයා තෑගී අරගෙන ඒ අය බලන්න ආවා.

ඒ අය නැටුවා. හිනා උනා. අපිත් හිනා උනා. 

කඳුළු එනකම්ම... ඒ සතුටු කඳුළු.....



ආයේ 2014 මාර්තු 8 මේ වගේම වැඩක් කරන්න IMCD අපි හිතාගෙන ඉන්නවා.. මොකද කියන්නේ. උපන්දින උත්සව.. ජිවිතේ පුංචි පුංචි සැමරුම් වලට අපි හැමදාම වියදම් කරන දෙයින් තවත් අපේම කෙනෙක්ට හිනා වෙන්න උදව්වක් කරමුද?  

7 comments:

  1. මෙව්වා බොහෝම පින් අත් වෙන වැඩ පුතේ.. වැඩි වැඩියෙන් මෙවන් කටයුතුවල යෙදෙන්න වාසනා ශක්තිය ලැබේවා....

    ReplyDelete
  2. සතුටුයි අපේ අයියල අක්කල ටික ගැන..ගොඩක්ම :)

    ReplyDelete
  3. Awesome ... Glad i was a part of this ... Cheers !!

    ReplyDelete
  4. ඉතා මනරම්, සිත සනසවාගත හැකි අවුරුද්ද මුළුල්ලේම ඒ ගැන විවරණය කළ හැකි හොද දෙයක්..

    ReplyDelete
  5. නියමයි සහෝදරයා

    ReplyDelete
  6. අගෙයි බොලන් !! වැඩි වැඩියෙන් කොරන්න වාසනාව ශක්තිය ලැබේවා

    ReplyDelete