Friday, November 15, 2013

       ජීවිතය කෙතරම් රළු ද දැන ගැනීමට නම් අපි ජීවිතය නම්  විල් තෙරේ පතුලටම කිමිදිය යුතුමැයි. මතුපිටින් දකිනා සොදුරු මල් කැකුළු වල අසිරියට වඩා ඒවා පිපෙන්නට දරනා වැයම කෙතරම් දුෂ්කර ද දන්නේ ඔවුන්ම පමණි.

   අපිට ඒ සොදුරු මල් අසිරිමත් ලොවක් කරා ගෙනියන්න නොහැකි වුනත් ඒ අසිරිමත්  ලොව කරා යන විල් තෙරෙන් එගොඩ වීමට පාර කියා දෙන්න පුළුවනි. ඉතින් අපි ඒ නිසාම පුංචි අහිංසක මල් කැකුළු හොයා අනුරාධපුර, මහකනදරා වැව , යාය 1 විදුහලට ගියෙමු. 


 
 නුතන ලෝකයෙන් අංශු මාත්‍රයක්වත් නොයිදුල් වුනු අපුරු ගම්මානයක අහිංසක ලපටි සිනා අහුරක් මැද්දෙන් සමාජ සංවර්නය උදෙසා  වූ අන්තර්ජාතික සහයෝගිතාව ( IMCD) හි අපගේ ව්‍යාපෘතියක් වන “ මගේ  සිහින පාසැල “ (MY DREAM SCHOOL) පළමු ව්‍යාපෘතිය 2013 නොවැම්බර් 08 වන දින එසේ ආරම්භ කළෙමු.

  නොයෙක් විද කම්කටොළු රැසක් මැදින් ලෝකයේ පිපෙන්නට වෙර දරන මෙම පුංචි දරුවන්ට අග හිග කම් බොහොමයි. නමුත් ඒ හැම බා
කයක්ම අභියෝගයක් ලෙසින් බාර ගනිමින් මේ දරුවන් ජීවිතය ජය ගන්නට  දරනා වැයම නම් අපුර්වයි. ඒ වගේම ඔවුන් අපුරු සැගවුණු දක්ෂතා රැසකින් පිරිපුන් දරුවන් පිරිසකි. 




    මහකනදරා වැව, යාය 1  විදුහලේ දරුවන් සමග එක්ව ඔවුන්ගේ ජීවිතය බෙදා ගනිමින් , ඔවුන්ට සවියක් වෙමින් , එදින ඔවුන්ගේ පාසලේදී අප ඔවුනට පාසල් පොත් පත් , ලිපි ද්‍රුවය සේම ක්‍රීඩා උපකරණ , විද්‍යාගාර උපකරණ රැසක් අපගේ  දෑතින් ඔවුන්ට දායාද කරමින් අප අපගේ ව්‍යාපෘතිය අති සාර්ථකව පැවත්වීමු. එසේම ඔවුන්ගේ පාසලට අත්‍යවශ්‍යව තිබුණු අත් පන්දු පිටිය සේම අවශ්‍ය ක්‍රීඩා උපකරණ ද සපයා දී  එදින ඔවුන් සමග ආරම්භක තරගයක් ද පවත්වා ඔවුන් සමග අප ද අත්වැල් බැද ගත්තෙමු. 

වොලිබෝල් පිටිය විවෘත කිරිම



  මේ සියලු කාර්යයන් අපිට මේ සා සාර්ථක කර ගනිමින් මෙවන් අපුරු මෙහෙවරක් කිරීමට අප ව්‍යාපෘතිය හා අත්වැල් බදිමින් අප හා රැදුණු දෙස් විදෙස් මිතුරියන් සියලු දෙනෙක්මද ස්ලෝවැකියානු ජාතික
ජුලියා ස්වෙන්ඩෝවා (Julia Svandova)සේම ඇගේ මිතුරු මිතුරියන් සියලු දෙනෙක්ම ද අපි අපගේ සාර්ථකත්වයේ හිදී ස්තුතිපුර්වකව සිහිපත් කරන්නෙමු.

   හෙට දිනයේ තවත් මෙවන් පුංචි මල් කැකුළු රැසකට පාර කියා දෙන්නට අපි
නැවත සුදානම් වෙමින් සිටිමු. ඉතින් අප ලෙසින්ම මෙවැනි මල් පොහොට්ටු රැසකට ලෝකයට යන පාර කියා දෙමින් හෙට ලෝකය සමග අත්වැල් බැද ගන්නා ලෙසට අප ඔබට ද ඇරයුම් කරමු. 

වැඩි විස්තර දැනගැනීම සඳහා පිවිසෙන්න http://www.imcds.org/- සමාජ සංවර්නය උදෙසා  වූ අන්තර්ජාතික සහයෝගිතාව ( I mcd ) එමෙන්ම ඔබත් මේ කර්තව්‍යය හා දායක වන්නට කැමති අයෙක් නම් IMCD කාර්‍යමණ්ඩලයේ   සභාපති,  උපුල් චමීර සේනනායක  -(077)2517512 හෝ  කළමණාකරු-මෙහෙයුම් කටයුතු ,අමිල අමරසිoහ- (071)6304052 අමතන්න.


සිහින සැබෑවී දිව යන ඔහු


  

3 comments:

  1. දරුවන්ට සත්කාර කිරීම වනාහි උතුම් කටයුත්තකි.. මෙලොවද පරලොවද සැනසීම එයින් ලැබේ. තරුණ දරුවන් මත් පැන් මත් වන දෑට මුදල් වියදම් නොකෙොට මේ වැනි දේට මුදල් වියදම් කිරීම පැසසිය කටයුතු දෙයකි..අන් අයටද ආදර්ශයකි.

    ReplyDelete
  2. පළමු ව්‍යාපෘතිය.. කියලා දල තිබ්බා මන් ගොඩක්ම කැමති ඒ වචනෙට මොකද දෙවෙනි තුන්වෙනි ඒවා මග එනවා කියලනේ කියවෙන්නේ පුළුවන් තරමින් හැමෝම සහයෝග දෙමු...

    ReplyDelete
  3. වැඩේ නම් සුපිරී....

    ReplyDelete