Wednesday, January 22, 2014

නුඹ, නුග ගසක් දැක තිබෙනවාද? ඈතට විහිදී යන ප්‍රධාන මාර්ගයක් අසබඩ පිහිටි  අතු පතර විහිදී ගිය විසල් පිරිසකට සෙවන දෙන්නට සමත් රෑස්ස නුග ගසක්. 
ඔබත් මමත් ඒ නුග ගසේ සෙවන යට වෙහෙස නිවා ගන්නට ඇති. පිපාසයට පැන් පොදක් බොන්නට රැඳෙන්නට ඇති. දිවා ආහාරය ගන්නට සතුටු සාමිචියේ යෙදෙන්නට අපි එකතුවෙන්නට ඇති.
ඇයි අපි විතරක් කොපමණ සිව්පාවුන් පිරිසක් මේ අවට රැඳෙන්නට ඇත්ද? කොපමණ කුරුල්ලන් පිරිසකට මේ නුග ගසේ ඵල වැල අහර වන්නට ඇත්ද?
ඇයි අපි තවත් මේ වගේ නුග පැළයක් සිටුවන්නේ නැත්තේ. අළුත්ම තැනක. මේ වගේ අතුපතර විහිදා සෙවන දෙන්නට තවත් පිරිසකට.....

මේ පූර්ව කන්දරයත් අපේ IMCD ආයතනය වගේමයි. පුංචිම පුංචි බීජාංකුරයකින් ශක්තිමත් මුල් සදාගෙන මේ වෙද්දී දළුලා වැඩුනු රූස්ස ගසක් බවට පත්වෙන්න පටන් අරන්. මේ රූස්ස ගසේ සෙවන ලබමින් අපි වගේ ස්වෙච්චාවෙන් සමාජය යහපත් තැනක් බවට පත් කරන්නට කොපමණ මෙහෙයක් ඉටු කර ඇත්ද?

අර මම මුලින් කිව්ව කුරුල්ලෝ....

ඒ අපි නම් නෙමේ. හැබැයි ඒ තමා අපි විසින්
Needy Readers, Colour a Dream, Path to Wisdom සහ Amused ව්‍යාපෘති යටතේ සෙවන ලබා දුන් සෙවනක් අවැසිව සිටි අපේම සොයුරු සොයුරියන් පිරිස...

එතකොට කොහෙද අපි හිටවපු අළුත්ම නුග පැළේ.... අනාගතයේ මේ වගේම රූස්ස නුග ගසක් වෙන්න....

ඒ තමා අපේ IMCD-මහනුවර පරිච්ඡේදය. කොළඹ ගෙන්දගම් පොළොවේ බිහිවුන IMCD විසල් වෘක්ෂයේ Needy Readers ශාඛාවකින් තමා අපි කන්ද උඩරට සෞම්‍ය පරිසරයේ IMCD මහනුවර පරිච්ඡේදය බිහි කළේ...


IMCD ආයතනය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රථම පියවර ලෙස ආරම්භ කළ මහනුවර පරිච්ඡේදය පිහිටුවා මේ වන විට ගෙවි ඇත්තේ සීමිත කාලයක්.  මේ වටා ස්වේචාවෙන් රොද බැඳුන සොයුරු සොයුරියන් පිරිස 30කට අධිකයි.

පොතක් පරිත්‍යාග කර අනාගතයක් දල්වමු යන තේමාව යටතේ මේ වන විට ක්‍රියාත්මක වන Needy Readers හෙවත් IMCD ආයතනයේ ප්‍රධානතම ව්‍යාපෘතිය කේන්ද්‍ර කර ආරම්භ වූ IMCD මහනුවර පරිච්ඡේදය මේ දිනවල ලහි ලහියේ සූදානම් වන්නේ සිය කුළුදුල් පොත් ප්‍රධානය කිරිමේ ව්‍යාපෘතිය වෙනුවෙන්. ඒ සඳහා මහනුවර මෙන්ම කාර්ය බහුල කොළඹ සහොදර සහොදරියන්ගෙන්ද නොනිමි සහයක් අපිට ලැබෙනවා .IMCD විසල් වෘක්ෂයේ සෙවන තවත් පිරිසක් වෙත ලබා දීම පරම චේතනාවෙන් ජනවාරි 24 වන දා ඔවුන් සුදානම් වන්නේ ඒ මහඟු කර්තව්‍ය ඉෂ්ට කිරීමටයි.









වර්ෂ 2014 ජනවාරි මස 24 වනදා උදෑසන 9ට කඩුගන්නාව ප්‍රාථමික විද්‍යලයේදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පොත් ප්‍රධානය කිරීමේ කටයුත්ත ආරම්භ කිරීමට මේවන විට සියලු කටයුතු සුදානම්.

1.       කඩුගන්නාව ප්‍රාථමික විද්‍යාලය
2.       කිරින්ද ආදර්ශ පාසල
3.       ගන්නෝරුව මධ්‍ය විද්‍යාලය
4.       උඩඅළුදෙණිය මහා විද්‍යාලය
5.       ලුම්බිණි විද්‍යාලය
6.       අප්ලන්ඩ් ද්‍රවිඩ විද්‍යාලය
7.       අල්-හික්මා මුස්ලිම් විද්‍යාලය
8.       ගම්පොළ දේවි බාලිකා විද්‍යාලය
9.       තිරුවල්ලුවර් විද්‍යාලය

අඩු පහසුකම් යටතේ ඉගෙන ගන්නා ගුරු හිඟයෙන් පීඩා විඳින යාමට ඒමට හරි හමන් මාර්ග පද්ධතියක් හෝ නොමැති එහෙත් ඉගෙනීමට ආස කරන අපේම සොයුරු සොයුරියන් පිරිසක් ඉගෙන ගන්න ඒ පාසල් 9 වෙත සිය කුළුදුල් පොත් ප්‍රධානය කිරීම සත්කාරය සිදු කිරීම අප මහනුවර සොයුරු කැළ මේවන විට අත්වැල් බැඳගෙන හමාරයි.







ප්‍රධානය කිරීමට යෝජිත පොත් සංඛ්‍යාව දෙදහසකට අධිකයි. ඒ දෙදහසකට අධික පොත් සංඛ්‍යාව පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීන් ප්‍රමාණය මෙතකැයි කියා ගණන් කල නොහැකිය.  අසරණ පිරිසකට පිහිටක් වන්නට දායකවූ ඔබට බොහොමත්ම ස්තූතියි. කාලවේලාව තිබේනම් මේ සුභ කර්තව්‍ය සඳහා පැමිණෙන්න. ඒ අපේ අහිංසක ඉල්ලීමක්.




ඉතින් ඔබත් කැමතිද මේ සඳහා දායක වෙන්න. මේ පළමු කටයුත්ත මෙන්ම තවත් ඉදිරියේදී මෙවැනිම වූ සත්කාර සිදුවේවි ඔබටත් පොතක් පරිත්‍යාග කර එවැන්නක් වෙනුවෙන් දායක වෙන්න පුලුවන්. වැඩිවිස්තර සඳහා පිවිසෙන්න :-



සැකසුම: අශාන් ඉමන්ත බoඩාර

1 comment: