Wednesday, February 5, 2014



ඔබ ජීවිතේ එක සැරයක් හරි තවත් කෙනෙකුගේ හිතකට සතුටක්, මුහුණට සිනාවක් දුන්න කෙනෙක්ද ?

ඒක  එහෙම නම් ඒ මොහොත ආයෙත් මතක් කරගන්න. ඔයාගේ හිතට දැනෙන සතුට, ආඩම්බරය වචන වලට හරවන්න බැරි තරම් විශාලයි. ඔයා ඒ හිත් වලට සතුටක් ගෙනාවේ පොඩි දෙයකින් වෙන්න පුළුවන්. ඒ දේ අසරණ කෙනෙක්ට බත් පාර්සලයක් දීලා, අසරණ සතෙකුට පිහිට වෙලා, එහෙමත් නැත්නම් තමන්ගේම කෙනෙක්ගේ දුකකදී ලඟින් හිටපු වෙලාවක් වෙන්න පුළුවන්. සමහරවිට යාළුවොත් එක්ක එකතු වෙලා ලොකු පිරිසකට උදවු කළා වෙන්නත් පුළුවන්. ඒක තමන්ගේ උපන් දිනය දවසේ ළමා නිවාසයකට දුන්න දානයක් නැත්නම් විශ්ව විද්‍යාලයේ කට්ටිය එක්ක එකතු වෙලා දුෂ්කර පාසලකට ගිහින් කරපු සේවයක් වෙන්නත් පුළුවන්.

මොනවද මේ හැමදේම ? සමහරු කියන විදිහට මේක ලොකු පිං අතේ වැඩක්. එහෙමත් නැත්නම් නැති බැරි අයට කරන ලොකු උදව්වක්, විශාල සමාජ සේවයක්. සමාජයේ ලොකු පිරිසකට මේ වගේ සේවයක් කරන එක තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් හිතන්න , මේ දේවල් කරන්න කැමැත්ත තියෙන අය එකට එකතු වෙලා , ස්වේච්චාවෙන් සමාජයට සේවයක් කරනවානම් ....



ඒ වගේ පිරිසක් එකතු වුණ තැනක් තමයි IMCD සංවිධානය. අපි ලංකාවේ විවිධ පළාත් වලින් ආව අය. අඩු පහසුකම් තියෙන දුෂ්කර පාසල් වලට ගිහින් එයාලාගේ පුස්තකාල වලට පොත් බෙදලා දෙන්න, ඒ නංගිලා මල්ලිලාට උගන්නන්න , ඉගෙනගන්න ආස දක්ෂ අයට ශිෂ්‍යත්ව දීලා එයාලගේ ලස්සන හීන වලට පාට දෙන්න , තනි වෙලා ඉන්න අසරණ ආබාධිත අයගේ හිත් සතුටු කරන්න , එයාලට උදවු කරන්න , ඒ වගේම තවත් නංගිලා මල්ලිලාගේ සිහින පාසල සැබෑවක් කරලා දෙන්න අපි , IMCD සංවිධානය ස්වේච්චාවෙන් එකතු වෙලා ඉන්නවා.



ඉතිං ඔයත් කැමතිද අපේ IMCD පවුලට එකතු වෙලා මේ වගේ සේවයන් කරන්න ?
ජීවිතේට හොඳ යාළුවො , ලංකාව පුරාම ඉන්න අපි වගේ තවත් අය අඳුනා ගන්න... ඔයත් ඒ දේවල් වලට කැමති නම් එන්න , අපිත් එක්ක එකතු වෙන්න. www.imcds.org/join

0 comments:

Post a Comment