Saturday, February 14, 2015

ඔබට මතකද කොස්ලන්ද? මතකද මීට මාස කිහිපයකට පෙර සිදුවූ ඒ බිහිසුනු ඛේදවාචකය? සොබා දහමෙන් සිදු වූ ඒ නොසිතූ විපත? ඔව් ඔබට මතක ඇති එදා අකුරු කරන්නට පාසල් ගොසින් වෙනදාමෙන් නැවත එන්නට නිවසක් අහිමි වූ වෙනදාමෙන් මව් පිය තුරුලේ නැවතත් කිසිදු දිනක රැඳෙන්නට වරම් අහිමි වන්නට තරම් අවාසනාවන්ත වූ ඒ දරු පිරිස.

ඔබට වගේ අපි හැමෝටම ඒ අවාසනවන්ත සිදුවීම මතකයි වගේම ,ඒ පුංචි උන්ට අපිට ආයේ අම්මා අප්පච්චි ගෙනත් දෙන්න බැරි උනාට අපිට පුලුවන් අයුරින් ඔවුන්ට උපකාරයක් කරන්න IMCD අපි කලර් අ ඩ්‍රීම් (COLOUR A DREAM)  කණ්ඩායම එදා හිතාගත්ත ආකාරයෙන්ම ඒ කටයුත්ත ඉටු කරන්න ඔබ ලබා දුන් හා තවමත් ලබාදෙන පරිත්‍යාග සමඟ කොස්ලන්ද මිරිබැද්ද හල්දූමුල්ල වතු යායේ ඒ පිළිසරණ ඇවසි දරුවන් සොයා යනවා මාර්තු පළමු වන දින (2015/03/01).

එහිදී කලර් අ ඩ්‍රීම් (COLOUR A DREAM) ව්‍යාපෘතිය මගින් නිතරම සිදුකරන අන්දමට මෙම දරුවන්ගේත් අධ්‍යාපන කටයුතු නිමාවනතුරු අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සහය වන්නට පරිත්‍යාගශීලීන් අතුරින් ළමුන් සඳහා කැපකරුවන් පත් කර ඔවුන් මඟින් දරුවන්ට  ශිෂ්‍යත්වයන් පරිත්‍යාග කරන්නට නියමිතයි. 

මේ ස්වභාවික ව්‍යසනය නිසා දෙමව්පියන් අහිමි වූ ඒ අසරණ දරු දැරියන්ට මාසිකව ශිෂ්‍යත්ව අරමුදලක් ලැබෙන විදිහට අපි කටයුතු සුදානම් කරන්නයි අපේ සූදානම..

ඒ සඳහා කලර් අ ඩ්‍රීම් අපේ සහයට "මව්බිම", "Ceylon today" පුවත්පත් මෙන්ම Drizzling foundation සංවිධානයත්  සිටින බව පැවසිය යුතුමයි.
ඔබටත් මේ සත්කාරයට දායක වීමට ඇවසි නම් වැඩි විස්තර සඳහා අමතන්න තරිඳු - 077 413 7102 / මරිනෝ - 077 900 6742 / සචිත් - 077 3852970 ) 



1 comment:

  1. අගේ අැති වැඩක්......... ජයවේවා

    ReplyDelete