Sunday, September 1, 2013

අපි කවුරුද?



සුරඟන කතාවක රාස්සයෙකුගේ ගෙයක් ලඟ, වීර චාරිකාවක කුමරියකගේ නෙතක් ලඟ,ෂර්ලොක් හෝම්ස් එක්ක අපරාධකාරයෙක්ගේ ඉවක් ලඟ දැවටි දැවටි ගෙවුන ඒ කාලය කෙතරම් සොඳුරුද...  ඒ චරිත තුලින් ලොව දුටු,සමාජය හා සංස්කෘතිය විනිවිද දුටු,මිනිසාගේ සිතිවිලි දනව්වේ ඉමක් නුදුටු ඒ දෙනෝදාහක් අතරට එක් වන්නට පෙරුම් පුරන සිත් මල් පොඩිති පුබුදන්නට වෙර දරන අපි International Movement for Community Development (IMCD) ආයතනයේ Needy Readers ව්‍යාපෘතියයි. 
2012 වසරේ Youth Fest වැඩසටහනට සහභාගී වුනු සමාජය තුලින් ගොඩනැගුනු සමාජයේ ඉහල තැන් වල සිටින කිහිප දෙනෙක්,තමාව බිහිකල ඒ සමාජය වඩාත් ඉහල තලයකට ගෙන ඒම උදෙසා IMCD ආයතනය බිහි කලා. Needy Readers එහි පළමු ව්‍යාපෘතියයි.  ඉගිලෙන්නට ආස සිත් මල් වලට තටු දෙන්න, කියවන්න ආස කෙනෙක්ට පොතක් දෙන්න ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය දළු ලා වැඩුනේ සිතුවාටත් වඩා ඉක්මනින්! මේ සත් කාර්යයට දසතින් උදව් උපකාර ගලා ආවා. පොත් 1500ක් පමණ එකතු කර බෙදාදීම මූලික ඉලක්කය වූවත් අවසානයේ එක් වූ පොත් සංඛ්‍යාව 10000 ඉක්මවා ගියා!

ඒ පොත් නතර උනේ හිස් වෙලා තිබ්බ පුස්තකාල පොත් රාක්ක ගණනාවක් ලස්සන කරමින්. ඉස්කෝල විතරක් නෙමෙයි. සංස්කෘතික මධ්‍යස්ථාන, බන්ධනාගාර පවා දැනුමෙන් විනෝදයෙන් පුරවන්න අපි දායක උනා.

2012 වසරේ Needy Readers ව්‍යාපෘතිය නිම උනේ ඒ ආකාර වූ සාර්ථකත්වයක් අයත් කරගෙන. Needy Readers 2013 ආරම්භ උනේ ඒ ගැම්ම දෙගුණ තෙගුණ කරමින්. ස්වෙච්ච්චාවෙන් දුසිම් ගනන් ඒ සමඟ එකතු උනා. නව අදහස් දෝරෙ ගලා ගියා.

පොතක් කියවන්න ආස උනත් කියවන්න පොත් නැති දාස් ගානක් නෙත් වලට සතුටු කඳුලක් එක් කරමින් නගර ගම් දනවු සිසාරා හමා යන්නා වූ Needy Readers මඳ නලය කියවීම නිසා සම්පුර්ණ වූ මිනිසුන් දහසක් මැද චිරාත් කාලයක් වැජඹේවී.

0 comments:

Post a Comment